*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/12

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිත මූල්‍ය පහසුකම එළඹෙන නව වසරේදී අනුමත වන තුරු, ශ්‍රී ලංකාව ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව හෝ වෙනත් ප්‍රදාන නියෝජිතායතනයකින් ඇ.ඩො. මිලියන 850ක මුදලක් “මූල්‍ය සේතුකරණය (bridging finance)” සඳහා සොයමින් සිටින බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි – අප්‍රේල් 12 වැනි දින රට ණය පැහැර හරින බවට කළ නිවේදනයත් සමඟ, ඇ.ඩො. මිලියන 10,700ක pipeline ආකාරයේ විදෙස් මුදල් ලැබීමේ මාර්ගයන් අහිමි විය.

2. ණය “තිරසාර” බවට පත් කර සාර්ව මූල්‍ය ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරන තුරු ශ්‍රී ලංකාවට තවදුරටත් ණය දීමට නොහැකි බව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව දැනුම් දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි – එමෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විකල්ප මාර්ග පිළිබඳව සලකා බලමින් සිටින බව ද පවසයි.

3. දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව ලබන වසරේ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – දේශගුණික විපර්යාස කාර්යාලයක් ස්ථාපිත කරන බව ද පවසයි.

4. ලංකා විදුලිබල මණ්ඩලය විසින් සම්මත කිරීමට නියමිත නව ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත් කිරීමට බලාපොරොත්තු වන නව සමාගම්වල ආයෝජනය කිරීම සඳහා පළාත් පාලන සහ මහජන අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳව රජය සලකා බැලීමට තීරණය කරයි.

5. පා.ම. සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ නායකයා ලෙස එම පක්ෂයේ වාර්ෂික සමුළුවේදී යළිත් වරක් ඒකමතිකව තේරී පත්වෙයි.

6. අයහපත් කාලගුණය හේතුවෙන් සිකුරාදා දින වසා දැමූ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් අද දින යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් ප්‍රකාශ කරයි.

7. විදේශ විනිමය හිඟය සහ මෙරටට තෙල් රැගෙන ආ නැව් තොග ගොඩබෑමකින් තොරව නැංගුරම් ලා තිබීම මත ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම මඟහැරීම සඳහා රජය විසින් ඉකුත් මාසයේ හඳුන්වා දුන් නව ප්‍රසම්පාදන ක්‍රමයට අනුකූලව, නොවැම්බරයේ පැමිණි මෙට්‍රික් ටොන් 91,000 ක මර්බන් බොරතෙල් තොගය ගොඩබෑම ආරම්භ කරයි.

8. ජනවාර්ගික සංහිඳියාව පිළිබඳ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැරසෙයි.

9. රොටරි ඉන්ටර්නැෂනල් හි සභාපති ජෙනිෆර් ජෝන්ස් දින 4ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමි‍ණෙයි.

10. ගැලවුම්කරුවකු එනතුරු බලා නොසිට, තම අයිතීන් සුරක්ෂිත කිරීම තහවුරු කරන ආයතන ශක්තිමත් කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ලෙස නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ජනතාවගෙන් ඉල්ලා සිටියි – තම අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව සටන් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan