රවීගේ මැදිහත්වීමෙන් කටු පොල් වගාවට යළි අවසර!

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබුණි.

එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසින් වන අතර එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.

අපනයන භෝගයක් ලෙස දියුණු කිරීමට හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දී තිබුණි.

අක්කරයක වගාවක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක්උපයා ගත හැකි අතර ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවයි ගොවියන් සඳහන් කළේ.

මැලේසියාව, ඉඳුනීසියාව වැනී රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙන බවත් මේ හේතුවෙන් මෙම කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බව ගොවීන් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරනවා මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පවතින දුර්මත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් සමඟ සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

මෙහිදී එම ගොවින්ට හිටපු අමාත්වරයා පොරොන්දු වී තිබුණේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.

ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්න කිහිපයකටම හිටපු අමාත්‍යවරයා මෙලෙස උත්තර ලබා දුන්නා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mayday! Mayday! Mayday! එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා...

කොළඹ නගරාධිපති තේරීමට රහස් ඡන්දයක්. දීර්ඝ වාදයකින් පසු සභාව ඒකමතික තීරණයකට

කොළඹ නගරාධිපති ධුරය තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සභාව...

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...