*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

වර්ජනය අතහැර සේවයට එන්න – ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති තැපැල් සේවකයන්ගෙන් ඉල්ලයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට තැපෑල පෞද්ගලීකරණය නොකර ලාභ ලබන තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක සේවකයන් වැඩවර්ජනයේ යෙදීම අසාධාරණය යැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

රජයක් වශයෙන් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට මැදිහත් විය නොහැකි වුවත්, තැපැල් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරමය ගැටලුවට දිගින් දිගටම නිසි පිළියම් ලබාදෙමින් සිටින මේ මොහොතේ අසාධාරණ වැඩවර්ජනවල නොයෙදී සේවයට වාර්තා කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීවේය. වැඩවර්ජනය හේතුවෙන් දිනකට තැපෑලට රුපියල් මිලියන 150ක පමණ පාඩුවක් සිදු වන බවත් අමාත්‍යවරයා කියා සිටී.

රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ, ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සමඟ තමා සහ තැපැල්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලුවලට පිළියම් ලබාදෙමින් සිටින අතර ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණවලට මැදිහත් විය නොහැකි බව ඔවුන්ට පෙන්වාදී ඇති බවයි.

සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කර ඇත්තේ රට ආර්ථිකමය වශයෙන් අසීරු තත්ත්වයක් මධ්‍යයේ බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා මෙවැනි රට ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවක රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව ද පෙන්වා දෙයි. නුවරඑළිය තැපැල් කාර්යාලය පරිශ්‍රය ආයෝජකයන්ට ලබාදෙන්නේද රටේ ඇතිවී ඇති ආර්ථික ආර්බුදය හේතුවෙන් රජය විසින්ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා එවැනි කාරණා සඳහා මැදිහත් විය නොහැකි බව ද කියා සිටියේය.

නමුත් නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනුවට නව තැපැල් කාර්යාලයක් ලැබෙන බවත් මේ හේතුවෙන් තැපෑල කිසිසේත් පෞද්ගලීකරණයක් සිදු නොවන බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. රුපියල් බිලියන හතක පාඩුවක් ලබමින් තිබූ තැපැල් දෙපාර්තමේන්තුව පාඩුව අවම කර ගනිමින් මේ වසරේ එය රුපියල් බිලියන දෙකක් දක්වා අඩු කර ගෙන ඇති බවත් වසර 2025 වන විට තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය ඇතුළු නව්‍යකරණය තුලින් ලාභ ලබන එකක් බවට පත් කිරීමේ සියලු සැලසුම් මේවන විට ක්‍රියාත්මක වෙන බවත් එවැනි මොහොතක මෙවැනි වැඩවර්ජනවල යෙදීමෙන් සිදුවන්නේ තැපෑල නැවතත් පාඩු ලබන එකක් බවට පත්වීම යැයිද අවධාරණය කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා සහ රජය වත්මන් ආර්ථික අර්බුද හමුවේ තැපෑල පෞද්ගලීකරණය නොකර ඉදිරියට ගෙන යාමට උත්සහ ගන්නා අවස්ථාවේ සියලු වර්ජකයන් වර්ජනය අතහැර සේවයට වාර්තා කරන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan