නිදහස් සෞඛ්‍ය සේවාවට කියලා රජය බොරුවට ප්‍රතිපාදන වෙන් කරලා – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඖෂධ වලට, උකරණවලට සහ  ප්‍රතික්‍රීයක ඇතුළු රසායන ද්‍රව්‍ය වලට වැඩි කරන මුදල් ගෙවන්න වෙන්නේ සෞඛ්‍ය සේවාවට වෙන්කල මුදල් වලින් සහ ආධාර වලින්ම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ  සභාපති රවී කුමුදේශ්  මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වන ඒ මහතා ,

” රජය සෞඛ්‍ය සේවාවට කියලා රුපියල් 100ක් දීලා 18ක් ගන්නවා. ඒ 18 ගන්නේ දුන්න ඒවායෙන් විතරක් නෙවේ, නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩ ගැනීම සඳහා විශාල වශයෙන් ලැබෙන ආධාර, පරිත්‍යාග වලිණුත් 18ප්%ක් නැවත පැහැර ගන්නවා.

වැඩිකරන වැට් වලින් එක රුපියලක්වත් සමාගම් විසින් ගෙවන්නේ නෑ. සෞඛ්‍ය සේවවේ මිලදි ගැනීමේ හැකියාව තමයි රජය විසින් 18%කින් බාල්දු කරන්න යන්නේ.

අතිමහත් බහුතරයක් සෞඛ්‍ය උපකරණ, ප්‍රතික්‍රීයක, ඖෂධ ගෙන්වන්නේ පිටරට වලින් රුපියලේ අගය බාල්දු වීමයි, අළුත්ම වැට් එකයි නිසා සෞඛ්‍ය සේවාවේ මිලදි ගැනීමේ හැකියාව 50%කින් විතර අඩුවෙලා. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව 50%කින් කප්පාදු වෙලා.

නිදහස් සෞඛ්‍ය සේවාවට කියලා රජය බොරුවට ප්‍රතිපාදන වෙන් කරලා, අධාර ලැබුණු ඒවාත් එකතු කරලා නැවත පැහැර ගන්නේ නැතුව, රටේ මිනිස්සුන්ට ඇතම කියන්න, නිදහස් සෞඛ්‍ය සේවාව දෙන්න පුළුවන් 50%යි කියලා, මිනිස්සුන්ට ඇත්තම කියන්න. එතකොට රටේ මිනිස්සු තීරණයක් ගනියි”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...