සහල් හැංඟුවොත් දිගටම නඩු!

0
257

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

මහා පරිමාණ සහල් මෝල් වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය තවදුරටත් අධීක්ෂණය කිරීමට නිලධාරීන් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන අතර, වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවා ගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව නඩු පැවරූ බවයි.

ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම අධිකාරිය පැවසීය.

වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීපව්‍යාප්තව වැටලීම් තවත්  දැඩි කරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.