ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට සහාය දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීම සහ මානුෂීය සහනාධාර සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය වුණා.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 24කට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය නමුත් මේ වසරේ මානුෂීය සහානාධාර අරමුදල්වලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පැවසුවා. ඇෆ්ගන් ජනතාවට අයත් විදේශීය වත්කම් කොන්දේසි විරහිතව අත්හිටුවා සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙන ලෙස චීනය විශේෂයෙන් ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. අදාළ රටවල් කොන්දේසි විරහිතව නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කර ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමට සහාය විය යුතු බව ද Fu Cong මහතා පවසා තීබුණා.

ත්‍රස්තවාදයේ මර්මස්ථාන මුලිනුපුටා දැමීමට සහ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී සංවිධාන එක්රැස්වන ස්ථානයක් බවට යළි පත්වීම වැළැක්වීමට ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින බව ද Fu Cong මහතා අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...