ජගත් සංවිධානයෙන් ඊශ්‍රායලයට දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය විසින් සිරියාව ඉලක්ක කරගනිමින් සිදු කරන ගුවන් ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

සිරියාවේ බලය එරට කැරලිකරුන් සතුවීමත් සමග සිරියාවේ ප්‍රදේශ රැසක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායල පාබල හමුදා සිරියාවට ඇතුළු වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද එම සියලු යුද මෙහෙයුම් අත්හිටුවා සිරියාව සාමාන්‍ය අතට පත් කිරීමට සහායවන ලෙස ජගත් සංවිධාන ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඊශ්‍රායලයට දැනුම් දී ඇත.

සිරියාව තුළ හටගෙන ඇති අවදානම් තත්ත්වය පහව යන තුරු තම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...