අල්ලස් කොමිසමේ දැලට හසු වූ පාස්පෝට් ඔෆිස් ලිපිකරු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

රුපියල් 6000ක අල්ලසක් විදේශ ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරුවෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, විදේශ ගමන් බලපත්‍රයක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 6,000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසිනි.

මෙම සැකකරුට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින බව, අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් එහි නිලධාරීන් සඳහන් කළේය.

ලබන 20 වනදා දක්වා, අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...