ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට ලක්වූ පවුල් වලට අමතරව වක්‍ර බලපෑම් සිදුවූ පවුල් සඳහා ද වියළි සළාක බෙදාදීමේ වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දියත් කොට තිබේ.
 
නිවාස අහිමිව සුරක්ෂිත මධ්‍යස්ථානවල ලැඟුම් ගෙන සිටින  පුද්ගලයන්ට අමතරව ගමනාගමන අපහසුතාව නිසා නිවෙස්ගත වීම සහ රැකියාව කරා යොමුවීමට නොහැකිවීම ඇතුලු වක්‍ර බලපෑම් ලක් වූ පුද්ගලයන් සඳහා ද වියළි සලාක ලබාදීමට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 8400ක් වන සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් හාරදහසකට ආපදාවේ වක්‍ර බලපෑම් සිදුව ඇති බවත් ඔවුන් යළි රැකියා ගත කරන තෙක් මෙම වියළි සලාක ලබාදීම සිදුකරන බව පන්විල ප්‍රාදේශීය ලේකම් නිලූෂා මනෝරත්න මහත්මිය පැවසුවාය.

ආපදා හේතුවෙන් පවුල් දහසක් පමණ සෘජු බලපෑමට ලක්වූ බවත් ඉන් අඩක් පමණ සුරක්ෂිත මධ්‍යස්ථාන 11ක රඳවා ඇතැයි පැවසූ ලේකම්වරිය අනෙක් පිරිස් සිය ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බව කීවාය. 

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූර්ණ නිවාස හානි 20ක් සහ අර්ධ නිවාස හානි 350ක් සිදුව තිබේ. සුළු නිවාස හානි 1800ක් සිදුවී ඇති අතර ඔවුන් සඳහා රුපියල් 25 000 මුදල ලබාදීමේ ප්‍රගතිය මේ වන විට 25% ඉක්මවා ඇතැයි ඇය සඳහන් කළාය. අර්ධ හානි සිදුවූ නිවාස හිමියන් සඳහා රුපියල් 25 000මුදල ගෙවා අවසන් කළ බවත් සිදුවූ ආපදා තක්සේරු කිරීම ආපදා නිලධාරීන් මගින් මේ වන විට සිදුකරමින් පවතින බව ද මනෝරත්න මහත්මිය සඳහන් කළාය.

පූර්ණ නිවාස හානි සිදුවූ පවුල් 20 මේ වන විට කුළී නිවාසවල පදිංචි කොට කුලී මුදල් ගෙවා ඇති බවත් ඔවුන්ට මුළුතැන්ගේ උපකරණ ලබා ගැනීම සඳහා රජය ලබා දෙන රුපියල් 50000 මුදල ලබා දුන් බව ද ඇය කීවාය.

පන්විල බඹරැල්ල ප්‍රධාන මාර්ගය 18වන කණුව අසලින් ගිලා බැසීම නිසා මාර්ගය අවහිර වී ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයන් රැසකට සිය රැකියා ස්ථාන කරා ගමන් කිරීමට නොහැකි වී ඇතැයි ඇය සඳහන් කළාය. එවැනි පුද්ගලයන් සඳහා ද මේ වන විට වියළි සලාක ලබා දුන් බවත් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියේදී නිම කිරීමත් සමඟ පන්විල ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව ද ප්‍රාදේශීය ලේකම්වරිය තවදුරටත් ප්‍රකාශ කළාය.

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් සඳහා වියළි සලාක ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඊට සමගාමීව ආපදාවලට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 25000ක මුදල පරිත්‍යාග කිරීම ද එම ලේකම් කාර්යාලයේදී සිදුවිය.

පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් ඩබ්ලියු.එම්.ඩබ්ලියු.එම්.වන්නිනායක, පරිපාලන නිලධාරී එම්.පී.ඩී.වික්‍රමසිංහ යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...