රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ බලශක්ති හා කාර්මික යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් රුසියාව ඩ්‍රෝන යානා 450 කට වැඩි ප්‍රමාණයක් සහ කිංසාල් හයිපර්සොනික් මිසයිල ඇතුළු මිසයිල 30 කට වැඩි ප්‍රමාණයක ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ මිලියන ගණනකට විදුලිය අහිමි වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක්, කිරොවොහ්රාඩ්, මයිකොලයිව්, ඔඩේසා සහ චර්නිහිව් ප්‍රදේශවලට බරපතල හානි සිදුව ඇති අතර යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉහෝර් ක්ලිමෙන්කෝ ප්‍රකාශ කර තිබුණේ, කලාප පහක් බලපෑමට ලක්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගිනි නිවා දැමීමට සහ සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

යුක්රේන හා රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ නියෝජිතයා මෙම සති අන්තයේ ජර්මනියට යන අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් හමුවීමට නියමිතව තිබියදී මෙම ප්‍රහාරය සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...