රට වෙනුවෙන් යමක් කළ හැකි නම් එජාපය සමඟ සන්ධානගත වෙන්න පොහොට්ටුව සූදානම්: පොහොට්ටු සාගර

Date:

රට වෙනුවෙන් යමක් කළ හැකි නම් දෙපාර්ශ්වයේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එම තීරණය ගැනීමට පෙර පක්ෂ දෙක අතර සාකච්ඡා සිදු විය යුතු බව ද හෙතෙම බත්තරමුල්ල, නෙළුම් මාවතේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකදී ඊයේ (12) පැවසීය.

එමෙන්ම රටේ අනාගතය හා තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඇතිවයි. ඒ මත අප පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබෙනවා. අපේ ප්‍රතිපත්තිවලට වගේම ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් අප දෙපාර්ශ්වයට රට වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්නම් අනිවාර්යයෙන් එකතු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක්. එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් අපිට ශක්තියක්. රටේ අනාගතය තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න අප සූදානම්. ප්‍රතිපත්ති රටේ හා ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුනහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නෑ. අපේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂවලට වුණේ එයයි. අපි එවැනි තැනක නැහැ. එ.ජා.පයත් එවැනි තැනක නැතිව ඇති. රටේ යහපත වෙනුවෙන් ඒ දේ දෙපාර්ශ්වයටම තිබෙනවා.” යැයිද හෙතෙම කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...