වත්මන් ඖෂධ හිඟයට මූලික හේතුවක් වී ඇත්තේ තම පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතියට හඳුන්වාදුන් ඖෂධ තොග පිළිබඳ මෘදුකාංගය මේ වනවිට ක්‍රියා විරහිත වී පැවතීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම මෘදුකාංගය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ආධාර වශයෙන් ලැබුණු රුපියල් මිලියන 450ක මුදල් වංචනික ලෙස ලබාගැනීමට පසුගිය සමයේ කර ඇති වෑයමක් පිළිබඳව ද රාජිත සේනාරත්න මහතා හෙළිදරව් කළේය.
“ඖෂධ වර්ග තුනක් තියෙනවා. එකක් ජීවිතාරක්ෂක ඖෂධ. ඒ ජීවිතාරක්ෂක ඖෂධ තියෙනවා 14ක්. ඒකෙන් 3ක් නැහැ. ටීඑන්ටී පෙත්ත දන්නවානෙ, හාට් ඇටෑක් හැදුනොත් දිව යට තියාගන්න එක. එතකොට හාට් ඇටෑක් එකක් හැදුනොත් අද බේරෙන්න බෑ. එතකොට අයිවී සෙට් එක තියෙනවානෙ. ඒ කියන්නෙ හදිසි ද්‍රාවණයක් කෙලින්ම ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනෙ, පෙති දිදී ඉන්න වෙලාවක් නෑ, ජීවිතාරක්ෂක ඖෂධ කෙලින්ම නහරයටම ගහනවා, ඒක ගහන සෙට් එක නෑ. තුන්වෙනි එක සේලයින් තියෙනවානෙ, සේලයින් ලංකාවෙත් හදනවානෙ දැන්. මම තමයි පටන් ගත්තෙ සේලයින් කර්මාන්තශාලාව. ඒකෙ තොග තියෙන්නෙ මාසයයි. සාමාන්‍යයෙන් මාස තුනකට තොග තියෙන්න ඕනෙ.
දෙවැනි එක තමයි අත්‍යාවශ්‍ය ඖෂධ කියන එක. ඒ කියන්නෙ ජීවිතාරක්ෂක නෙවෙයි අත්‍යාවශ්‍ය. මොනවද, දියවැඩියා ලෙඩෙකුට ජීවිතාරක්ෂාව නෙවෙයි නමුත් හැමදාම පෙත්ත ගන්න එපැයි. බ්ලඩ් ප්‍රෙෂර්වලටත් හැමදාම පෙත්ත ගන්න ඕනෙ. වකුගඩු රෝගය තියෙනවා නම් හැමදාම ගන්න ඕනෙ. ඒවා තමයි අත්‍යාවශ්‍ය ඖෂධ කියන්නෙ. ඒවා තියෙනවා 636ක්. ඒකෙන් 185ක් හිඟයි. මේ මම කියන ඒවා නෙවෙයි, වෛද්‍ය සැපයුම් අංශය කියන ඒවා.
ඊළඟට තියෙනවානෙ අත්‍යාවශ්‍ය නොවන තවත් ඖෂධ එක එක ඒවා. ඒකෙ ඖෂධ 400ක් තියෙනවා. ඒ ඖෂධ 400න් 190ක් තොග අවසන්. මේ අයවැය විවාදයට ඉස්සෙරින්දා රෑ මට ලැබුණු දත්ත. මේ අනුව බලනකොට අත්‍යාවශ්‍ය ඖෂධවලින් 30%ක් නෑ. අත්‍යාවශ්‍ය නොවන ඖෂධවලින් 48%ක් නෑ.
මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය වැඩසටහනකදී කියලා තියෙන්නෙ ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගත වීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇත කියලා. ඒ කියන්නෙ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. භාණ්ඩාගාරයත් කියනවා 90%ක් අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට දීලා තියෙන්නෙ කියලා.
එතකොට ඖෂධවේදීන්ගේ කොලේජ් එකට පවරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නය කියලා. මොකද ලංකාවට අවශ්‍ය මුදල් ඔක්කොම තියෙනවා, නමුත් බෙහෙත් නැහැයි කියන එක ඒගොල්ලන්ට පිළිගන්න බෑ, ඒක හිඟවුණේ කොහොමද කියලා. දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මං ඉන්න කාලෙත් තිබුණා, ඊට ඉස්සෙල්ලාත් තිබුණානෙ. අමුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෙවෙයිනෙ තියෙන්නෙ. අහන්නකෝ, කෝ මේකට ගෙනාපු සොෆ්ට්වෙයාර් එක ? ඇප් එක නෑ දැන් … ඒක අපි මධ්‍යම රජයේ රෝහල් සියල්ලටම දැම්මා, ඊටපස්සෙ අපි පළාත්සභාවලත් මූලික රෝහල් සියල්ලටම දැම්මා. එහෙම දාගෙන අපි ලස්සනට මේක කරගෙන ගියානෙ. එතකොට කිසිම බෙහෙතක් හිඟ නැතිවුණා. 2017 විතර ඉඳලා කිසිම දවසක එහෙම හිඟයක් තිබුණෙ නෑ, ඕනෙ නම් දවසකට තියෙන්න පුළුවන්. ඒ තිබුණෙ අපි ඇප් එක දාපු නිසා. ඇප් එකේ අපේ නිලධාරීන්ට පේනවා මේක කොයි කාලෙ වෙනකොට ඉවර වෙනවාද කියලා. අපි හැමදාම මාස තුනක ස්ටොක් එකක් තියාගෙන ආවා. දැන් ඒ ඇප් එක නෑ. ඒක නැතිවුණේ මේ ඇමතිවරයා නිසා නෙවෙයි, මෙයාට ඉස්සරවෙලා හිටපු කට්ටිය මොකද කළේ ? දැන් මේ ඇප් එකේ තියෙන හොඳකම නිසා මේක තවත් වර්ධනය කරන්නය කියලා රුපියල් මිලියන 450ක් දුන්නා ලෝක බැංකුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට. (මේක හොඳට වැඩ කරනවා නම් ඕනෙ තරම් ආධාර ගතහැකි. අපේ කාලෙ එහෙම ඕනෙ තරම් ගත්තා) අපේ කාලෙ මම යුරෝපා සංගම් රටවල්වලින් රුපියල් බිලියන 468ක් ආධාර ගත්තා මේ රෝහල් හදන්න. වැඩ කරනවා නම් සිස්ටම් එකක් තියෙනවා නම් ඒගොල්ලො සල්ලි දෙනවා. අර ඇප් එකට මිලියන 450 දුන්නාම ලෝක බැංකුවෙන් කළේ මොකක්ද ඉස්සෙල්ලා හිටපු කට්ටිය ? එයාගෙම යාළුවෙකුට කියලා දවසෙන් කොම්පැනියක් හදන්නය කියලා, ඒ මිලියන 450 එතෙන්ට දාන්න හැදුවා. එතකොට කොහොමහරි ඒ මිලියන 450 වතුරේ ගියා. ආණ්ඩුවටත් නෑ, එතුමාටත් නෑ ඒක විත්ඩ්‍රෝ වුණා. දැන් ඒ ඇප් එකත් නෑ ….”
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
RN