ඇමති ලාල්කාන්ත හඬා වැටෙයි ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝක ප්‍රකට ගත්කතුවර චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද “ගුරු ගීතය” චිත්‍රපට හැඟීම්බර අවස්ථා රැසකින් සමන්විත බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පටන් ගත්ත වෙලේ ඉඳලා දහ පාරක් විතර ඇඬුවා. හැඟීම්බර අවස්ථා ගොඩයි. හිතාගන්න බැරි දර්ශන තිබුණා. ඇත්තටම අර හිතේ තිබුණු දර්ශනත් එක්ක සම්බන්ධ වෙච්ච තැනුත් තිබුණා. හැබැයි පොතේ තිබුණෙ මහ විශාල පොප්ලර් ගස් දෙකක්. මට ඒක මැවෙන්නෙ ගොඩාක් උසට. මේකෙ ඒක ටිකක් වෙනස්. පොත බාධා කළා චිත්‍රපටිය රස විඳින්න හැම තිස්සෙම. අවසානයෙදි හිතුණේ පොත නොබලා හිටියා නම් ලස්සන චිත්‍රපටියක් බැලුවා කියලා. ඒක තමයි ඇතිවුණේ. ඒ වුණාට ලස්සනයි, සුන්දරයි. හිතපු නැති තැනකින් චිත්‍රපටිය ඉවර වුණේ. තව යයි කියලා හිතුණා. ඇත්තටම හැඟීම්බර, සුන්දර අත්දැකීමක් වින්දා”

ප්‍රශ්නය – චිත්‍රපටිය නිර්මාණය වුණු සහ ප්‍රදර්ශනය වුණු කාලයත් එක්ක වර්තමානයේ ප්‍රදර්ශනය වීමෙන් නිර්මාණාත්මක පැත්තට යම්කිසි අසාධාරණයක් සිද්ධ වුනා කියලා හිතුණාද ?

“ඇත්තටම මට ඒ ගැන ලොකූ අදහසක් කියන්න බෑ, මොකද මම අඬ අඬා නෙ හිටියෙ. නිෂ්පාදනය කරලා ගොඩක් කල්. හැබැයි මේක තව අවුරුදු 20ක් ගිහිල්ලා බැලුවත් මේකට බාධාවක් වෙන්නෙ නෑ කියලා මම හිතන්නෙ”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ “ගුරු ගීතය – Let Me Fly” චිත්‍රපටියේ මංගල දර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම චිත්‍රපටිය උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...