ඒ පැත්තේ හොර උපාධිධාරීන් බර ගාණක් ඉන්නවා. පේන විදියට හොර දොස්තරලාම හයක් – අජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උගතුන් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරණයක් කරමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියත් බොරුවෙන්ම ජීවත් වුණු මිනිසුන් ගණනාවක් එහි සිටින්නේ යැයි පෙනී යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

“දැන් මේ රජය බලයට ආවෙ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු අරන් එනවා කියලා. ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා මේ අය නොම්බර එකේ උගත් මිනිස්සු, මාර වැඩකාරයෝ, ඉස්සර හිටපු සෙට් එක වගේ නෙවෙයි කියලා. කොහොමද වැඩේ ? කථානායකතුමාටම BSc උපාධියත් නෑ, එතුමා පිළිගන්නවානෙ, ආචාර්ය උපාධියත් නෑ, NDT තියෙනවාද කියලාත් සැකයි. බොරුවෙන්ම ජීවත් වෙච්ච මිනිස්සු. මේ වගේ අය බර ගාණක් ඉන්නවා. දැන් පේන විදියට හොර දොස්තරලාම හයක් විතර ඉන්නවා”

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 13) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...