සටහන: පුන්සරා ලියනගේ
දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නිව් ජර්සි හි සති ගණනාවක් පුරා දිස්වන අපැහැදිලි ඩ්‍රෝන් දර්ශන හේතුවෙන් නිවැසියන්, දේශපාලන වාද පිටිය මෙන්ම මහජන ආරක්ෂක නිලධාරීන් ද අන්දුන් කුන්දුන් වී සිටී. මෙවැනි තත්ත්වයන් ආරක්ෂක ගැටළු ඇති කිරීමට ද හැකියාව ඇතැයි ඔවුන් නිගමනය කරයි.
නිවැසියන් සහ විවිධ අංශවල රාජ්‍ය නිලධාරීන් මෙම ඩ්‍රෝන් දර්ශන දිස්වීම් පිළිබඳ ප්‍රතිචාරයක් ඉල්ලා සිටීම වෙනුවෙන්, සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පැහැදිලිව අනාවරණය කර ගැනීමට විශේෂඥයින් ක්‍රියා කිරීමට පටන් ගන්නා ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක John Kirby ඉකුත් බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව සහතික කිරීමට උත්සාහ කළ බවක් දක්නට ලැබුණේය.
“වාර්තා කරන ලද ඩ්‍රෝන් දර්ශන මඟින් ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන බවට හෝ ඒ සඳහා විදේශීය සම්බන්ධයක් ඇති බවට අපට මේ අවස්ථාවේ කිසිදු සාක්ෂියක් නොමැති බව” Kirby පැවසීය.
නමුත් බොහෝ නිව් ජර්සි හි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ, මිනිසුන් ආරක්ෂිත බවට කරන සාමාන්‍ය සහතික කිරීම් ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ප්‍රමාණවත් නොවන බවයි.
බොහෝ ඩ්‍රෝන් දර්ශන මෙලෙස වාර්තා වී ඇති අතර, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි ඩ්‍රෝනවල පින්තූර සහ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ වාර්තා වී ඇති දර්ශනවල දැකගත හැක්කේ ඒවා ජීවීන් රහිත පියාසර කරන යානා වැනි බවයි. හරියට ආපහු පිටසක්වල හුටපටයක්වත් ද?
මේ කලබගෑනි අස්සේ පියාසර යන්ත්‍ර ඩ්‍රෝන ලෙස හැඳින්වීම කෙටි යෙදුමක් බවට පත්ව ඇති නමුත් මිනිසුන් දකින්නේ ජීවීන් රහිත ගුවන් යානාද නැතහොත් වෙනත් දෙයක්ද යන්න පිළිබඳව ප්‍රශ්න මේ වනවිට මතුව තිබේ.
ඇතැම් අයට අනුව ඩ්‍රෝන යානා පැමිණියේ ඉරානය ප්රමුඛ නෞකාවකිනි. කෙසේවෙතත්, පෙන්ටගනය එම ප්‍රකාශයන් කඩිනමින් ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ එහි සත්‍යතාවක් නොමැති බවයි.
තවත් සමහරු සිතන්නේ ඔවුන් නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෙඩ්මිනිස්ටර් දේපල සුරක්ෂිත බව සහතික කරන රහස් සේවය බවයි. තවත් සමහරු චීනය ගැනද කරදර වෙති. තවත් අය පිටසක්වලයින් අපිට ආක්‍රමණයට පැමිණේ දැයි ප්‍රශ්න නඟයි.
ඩ්‍රෝන යානා මුලින් දුටුවේ නිව් ජර්සි හි රවුන්ඩ් වැලි ජලාශයට පෝෂණය වන ජල මාර්ගයක් වන රරිටන් ගඟ අසල බව වාර්තා වේ.