ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස්හි ජේෂ්ඨ අණදෙන නිලධාරියකු වන රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

රායිඩ් සාද් හමාස් හි ආයුධ නිෂ්පාදන බලකායේ ප්‍රධානියාවන අතර එය ඔහුව 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවල නිර්මාතෘවරයෙකු ලෙස සැලකේ.

ඊයේ(13)දිනයේද ගාසා තිරයේ වාහන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දියත්කළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 5 දෙනා අතර රායිඩ් සාද් සිටින බව ඊශ්‍රයල හමුදාව ටෙලිග්‍රෑම් පනිවුඩයක සඳහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානය තවමත් තහවුරු කර නොමැත.

පසුගිය ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය ආරම්භ වූ දා සිට, ඊශ්‍රායලය දිනපතා ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගෝස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...