සටහන – පුලී
දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේදී සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ගේ සම්ප්‍රාප්තියත් සමඟ ඔහුගේ ඉන්දීය සංචාරයට සහභාගී වූ කෝපයට පත් රසිකයන් ආසන ඉරා දමමින් ක්‍රීඩාංගණය දෙසට විවිධාකාරයේ දෑ විසි කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

සුපිරි පාපන්දු තරුව දැක ගැනීමට දහස් ගණනක සිය ආදරණීය රසිකයන් (£100; $133) පමණ ගෙවා තිබුණද, ඔහු පිටියේ සැරිසරන අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් විශාල පිරිසක් විසින් ඔහුව ආවරණය කරමින් සිටීම ඔවුන්ගේ කලකිරීමට හේතු විය.
මිනිත්තු 20 කට පමණ පසු ආරක්ෂක අංශ විසින් ආර්ජන්ටිනාව සහ ඉන්ටර් මියාමි ඉදිරිපෙළ කණ්ඩායම ඉක්මනින්ම ඉවත් කළ විට, ප්‍රේක්ෂක පිරිසේ කොටසක් යක්ෂාවේශයෙන් කෑ මොර දුනි.


බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමාතා බැනර්ජි පැවසුවේ එහි සිදුවූ සිදුවීම්වලින් ඇය “දැඩි ලෙස කලබලයට හා කම්පනයට පත් වූ” බවයි.
පරීක්ෂණයක් නිවේදනය කරමින් බැනර්ජි මහත්මිය මෙසීගෙන් සහ ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩාංගනයේ සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියාය.
“විමර්ශන කමිටුව සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වනු ඇත, වගකීම තීරණය කරනු ඇති අතර අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පියවර නිර්දේශ කරනු ඇත,” මහ ඇමතිනී X හි සටහනක් දක්වමින් පැවසීය පැවසීය.