එක්සත් ජනපදය සම්බාධක ඉවත්කරන විට බෙලරුස් රාජ්‍යය නොබෙල් ත්‍යාගලාභි ඇලෙස් බියලියාට්ස්කි ඇතුළු සිරකරුවන් 123කු නිදහස් කරයි

සටහන : සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් බෙලරුස් වෙත පනවා තිබු සම්බාධක ඉවත් කිරීමත් සමඟ බෙලරුස් නොබෙල් සාම ත්‍යාගලාභී ඇලෙස් බියලියාට්ස්කි, විපක්ෂ ක්‍රියාකාරිනියක් වන මාරියා කොලෙස්නිකෝවා ඇතුළු සිරකරුවන් 123 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ.

බෙලරුස් රජයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබු අතර බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හා එක්සත් ජනපද විශේෂ නියෝජිත ජෝන් කෝල් පොටෑෂ් මින්ස්ක්හිදී පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගෙන තිබිණ.

යුක්රේනයට එරෙහිව රුසියාව විසින් දියත් කරන ලද යුද්ධයට සහාය දැක්වීම හේතුවෙන් බටහිර රටවල් විසින් බෙලරුස් ප්‍රතික්ෂේප කර තිබු අතර එක්සත් ජනපදය විසින් සම්බාධක ඉවත් කිරීම විශාල ඉදිරි පියවරක් බවයි බෙලරුස්හි දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...