සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

අද (14)  පස්වරු 03.07 ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිඹබූ අතර, එහි මෙට්‍රික් ටොන් 25 ක් බර , මෙරට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් තිබූ බව වාර්තා වේ.

මෙම ගුවන් යානය යළිත් පස්වරු 05.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ අග්‍රා නුවර බලා පිටත්ව ගොස් තිබුණේ, මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක් පවත්වා ගෙන ගිය රෝහල් කාර්යය මණ්ඩලය 85 දෙනෙකු සහ ඔවුන්ගේ වෛද්‍ය උපකරණ තොගයක් ද රැගෙන බවයි වාර්තා වේ.

එහිදී, ඉන්දීය රෝහල් කාර්යය මණ්ඩලයට සමු දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වන අතර, මෙම ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය අත්‍යාවශ්‍ය සැත්කම් ඇතුළු රෝගීන් 7,000 ක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...