හිටපු උපකුලපතිට පහර දෙන්න ජවිපෙ-පෙරටුගාමී ශිෂ්‍ය සංවිධාන සම්බන්ධයි – එස් බී කියයි

Date:

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංවිධාන සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

යළි නඩුව කැඳවන 22 දින මෙම පිරිස හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දීගම පදිංචි අචල කීර්ති වාසලසිංහ අටුගොඩ පදිංචි හේවාහකුරු ප්‍රමෝද් නිපුනජිත්, ගාල්ලේ පදිංචි කරගොඩගමගේ සම්පත් සඳරුවන්, නිට්ටඹුවෙහි පදිංචි මධුෂාන් තිලකරත්න, පදලංගල පදිංචි මනෝජ් තිවංක, ගිරිතලේ පදිංචි චරිත් දිල්ෂාන්, තලගම්වත්ත පදිංචි ගිහාන් සම්පත් උදයංග, හේනේගම පදිංචි තිළිණ සඳරුවන්, මාතලේ පදිංචි වලිමුණි ගෙදර බුද්ධික ජයසුන්දර යන සිසුන්ය.

සිසුන් 06 දෙනෙකු පෙරේදා (12) රාත්‍රී 9.30ට පමණ භාර වූ බවත් තවත් සිසුන් 04 දෙනෙකු ඊයේ (13) පෙරවරුවේත් භාර වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි .

ඔවුන් සියලු දෙනා කලා හා විද්‍යා පීඨ සිසුන් ය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මඟින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් 12 දෙනා අතරින් 08 දෙනෙකු කලා පීඨ සිසුන් වන අතර සෙසු පිරිස විද්‍යා පීඨයේ ය.

සී.සි.ටී.වී දර්ශන මගින් හඳුනාගෙන තිබෙන තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අයුතු ජනරාශිය, ප්‍රචණ්ඩකාරීව හැසිරීම, රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචිව සිටි නිල නිවසේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සිසුන් 12 දෙනා හඳුනා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23-26 වයස්වල පසුවන බව පොලිසිය පවසයි.

සිසුන් විසින් කළ පහරදීම්වලින් මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචිව සිටි විශ්වවිද්‍යාල නිල නිවසට රුපියල් 112,670 ක අලාභයක් සිදුව තිබෙන බව විශ්වවිද්‍යාලය මඟින් පොලිසිය ට දැනුම් දී ඇත.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...