*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

අධ්‍යාපන ක්ෂේත්‍රය ලොකු අර්බුදයක – චරිත හේරත්

2022.12.13 පාර්ලිමේන්තුවේ දී මේ බව වැඩිදුරටත් පැවසූ චරිත හේරත් මහතා,

“ඉතාම වැදගත් ප්‍රස්නයක් මේ රටේ තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥයෙක් වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීම සම්බන්ධව හිත කොට මම ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් අහන්න කැමතියි අපේ රටේ විශේෂයෙන්ම අපේ රටේ ඉතාම විශේෂ කේෂ්ත්‍රයක් වන අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනදාටත් වැඩිය ලොකු අර්බුදයකට මේක ගමන් කරමින් තියෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගුරුවරු සහ ශිෂ්‍යයොත් දොළොස් දාහක් පමණ කිසිම ප්‍රශ්නයක් නැතුව වසර පනහකට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක මේ වගේ ප්‍රශ්ණ වලට අපි මුහුණ දුන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලය ඇතුළේ දේශපාලනය කරපු අය මහාචාර්ය විශ්ව වර්ණපාල මහාචාර්ය, ලෙස්ලි ගුණවර්ධන වගේ ඇමතිවරු වෙච්ච අය හිටියා . මහාචාර්ය ඩොරික් ද සූසා මහාචාර්ය එච් ඒ ඩී එස් ගුණවර්ධන වගේ ලේකම්වරු හිටියා, ඒ අයගේ නිවාස මේ විශ්වවිද්‍යාලය ඇතුළෙමයි තිබුනෙත්, කවදාවත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නෑ , එතකොට මම හිතනවා දැන් මේක ඉස්සර අර බටුවන්ත විතාන මහත්මයා ඝාතනය වුණා, ස්ටැන්ලි විජේසුන්දර මැතිතුමා ඝාතනය වුණා , එක කාලයක මම කාටවත් චෝදනා කරනවා නෙවෙයි. නමුත් විශ්වවිද්‍යාල ඇතුළෙ මේක ඉතාමත් නරක තැනකට ගමන් කරමින් තිබෙනවා.

ගරු කථානායකතුමනි එතකොට මේ ගරු පාර්ලිමේන්තුව ඇතුළේ අධ්‍යාපනය මැතිතුමා ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති තුමා ඇතුළු මැති ඇමතිවරුන් ගේ අවධානයට යොමු කරනවා . මේ සිදුවීම් පිළිබඳව අපි දෙපැත්තෙම කට්ටිය යම්කිසි එකගතාවයකට ඇවිල්ල යම්කිසි මැදිහත්වීමක් සිදු කළේ නැත්තං විශ්වවිද්‍යාලයට ළමයි එන්නේ නැති වෙන තැනට , විශ්වවිද්‍යාලවලට දෙමවුපියෝ ළමයින් එවන්නේ නැති වෙන තැනට, ආචාර්යවරු රට අතෑරලා යන තැනට පත් වෙන්න පුළුවන්.

අතුල සේනාරත්න කියන්නේ ලංකාවේ පිළිගත් දක්ෂ භූවිද්‍යාඥයෙක්. ඒ අපේ විශ්වවිද්‍යාලයේ කලින් හිටපු උපකුලපතිවරයා. එතුමාට මේ පහරදීම සම්බන්දව මේක දේශපාලන වශයෙන් කවුරුත් දඩමීමා කරගෙන කාටවත් පහර දෙන්න මඩ ගහන්න යන එක නෙවෙයි. නමුත් මේ සිද්ධිය සම්බන්ධව ඒක මූලික කරගෙන ගරු අධ්‍යාපනය ඇමතිතුමා මෙම පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතු බව මම යෝජනා කරනවා . ඒ වගේම මම යෝජනා කරනවා මේක පිළිබඳව සොයා බලා ඉදිරියේදී විශ්වවිද්‍යාල තලය තුළ මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න වැඩ කළ යුතුමයි.

විශ්ව විද්‍යාලය කියන්නේ ගොඩක් හොඳ අධ්‍යාපන තත්ත්වයක් තියෙන තැනක් . මේක ඇතුලෙ අපි දොළොස් දහසක් පමණ ගැටුමක් නැතිව හිටපු තැනක්. නමුත් දැන් මේ වෙද්දි කාටවත් විශ්වාස කරන්න බැරි තැනකට මේක ඇවිල්ල තියෙනව. හිල්ඩා ඔබේසේකර සාලාව පිටුපස තියෙන මේ නිවාසයේ හිටපු වෙන කිසිම ගුරුවරයකුට මේ විදිය පහරදීමක් සිදු වෙලා නැහැ . ඒක නිසා මම ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේකා පිළිබඳව රටට ප්‍රකාශයක් කරන්න.

විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල පද්ධතියට අලුත් අත්දැකීමක්. මෙතෙක් කාලයක් ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති වුණා . දැන් ශිෂ්‍යයන් ගුරුවරුන් අතර ගැටුම් ඇති වෙනවා. විශේෂයෙන්ම පේරාදෙණිය කලා පීඨයේ පීඨාධිපතිතුමාට කලා පීඨයේ ආපන ශාලාව තුළදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා පත්තරවල තිබුණා .ඒක නිසා මම හිතන්නේ අපේ රටේ සභාවක් විදිහට මේ ප්‍රශ්නය පෞද්ගලිකරණය කිරීමක් පිළිබඳව නෙවෙයි මම කතා කරන්නේ . මේ රටේ අධ්‍යාපනය පිළිබඳව හොඳ තත්ත්වයකට පවතින්න නම් අභ්‍යන්තරිකව මෙහෙම ගැටුම් ඇති වෙන එක නවත්වන්න ඕනි. ඒක නිසා මම ගරු අධ්‍යාපන මැතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව රටට ඉතා පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන්න කියලා”

ලෙස චරිත හේරත් මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan