මිනිසුන්ට හරකුන් යැයි නොකියන්න …

Date:

එක් දේශපාලන ප්‍රවාහයකට අයත් පිරිසක් විසින් තවත් දේශපාලන ප්‍රවාහයකට අයත් පිරිසකට “හරක්” යනුවෙන් අමන්ත්‍රනය කරනු මුහුණු පොත තුලින් දුටුවෙමි ..

එහිදී එසේ පවසන පිරිස බුද්දිමතුන් ලෙස වාර්ගීකරණය කරගෙන අනෙක් පිරිස හරක් ලෙස ලේබල් කර ඇත. එහිදී පරිභවයට ලක්වන්නේ දේශපාලන පක්ෂයක පිරිසක් පමණක් නොව රටේ සමාන පුරවැසියන් ය.. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට ද හානියකි..

මිනිස් ඉතිහාසය පුරාමත් පොදු ජනයා විසින් ගත් වැඩිහරියක් දේශපාලන තීන්දු වැරදී තිබීම ලොව සෑමකාලයකම සාමාන්‍ය තත්වයකි… එදා ජීසස්ට මරණීය දන්ඩනය ලබාදෙන තැනට පිලාත්ව තල්ලු කලේ රෝම පොදු ජනතාවය.. හිට්ලර්ට බහුතර බලය ලබාදුන්නේ ජර්මානු පොදු ජනයා විසිනි.. ලාංකීය මෑත ඉතිහාසයේ 2005දී මහින්දව බලයට ගෙන ඒම වෙනුවෙන් ඇපකැපවී වැඩකලේ පොදු ජන පෙරමුනටත් වඩා ජ.වි.පෙ. හෙළ උරුමය ඇතුලු ආගමික කන්ඩායමක් විසිනි… එය ඓතිහාසික ලෙසම වැරදි තින්දුවකි..

මිනිසුන්ට හරක් යැයි කීම නිවැරදි නම් ඒ තීන්දුව සම්බන්ධව “හරක්” වන්නේ කවුද ?

මෙවන් පටු ප්‍රකාශ සහ අර්ථ ගැන්වීම් අභ්‍යන්තර කුඩා කවයක ප්‍රමෝදය පිණිස හේතුවිය හැකි වුව ද මෙවැනි දෑ සබුද්ධික මහජන අවකාශය තුලදී දේශපාලන සියදිවි නසා ගැනීම් බවට පත්වේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...