අයථා වත්කම් නඩුව : විමල්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම වේ.

Date:

සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතාගේ නීතීඥයින් විසින් ගොනුකර ඇති මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ඊයේ (13) ප්‍රතික්ෂේප කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

එම නඩුවේ අධිචෝදනා පත්‍රයේ සඳහන් නීතිවිරෝධී වත්කම් උපයා ගත්තේ යැයි කියන කාලය වසරක් ඉක්මවීම, රාජ්‍ය සේවකයා යනාදී සංඝටක විධිමත් ආකාරයෙන් නඩු විභාගයක් පවත්වා අධිකරණය හමුවේ තහවුරු කළයුතු සංඝටක වන බවයි මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කළේ.

ඒ අනුව, නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය 2024 ජනවාරි 29 වනදා පැවැත්වීමට විනිසුරුවරයා නියෝග කළේය.

2009 – 2014 කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු සමයේදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුවට අදාළව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2017 වසරේදී ය. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු පවරා මේ වනවිට වසර 6ක් ගතවී ඇතත් මේ දක්වාම එම නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...