දිනක් වයසැති බිළිදු මළ සිරුරක් මහමඟ දමා ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (13) පස්වරුවේ මහියංගණය පොලොන්නරුව මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ තිබි පිරිමි දරුවෙකු ගේ බිළිදු මළ සිරුරක් හමුවු බව ගිරාදුරුකොට්ට පොලිසිය කියා සිටී.

අලුත්තරම ආර්මි බස් නැවතුම් පොල ආසන්නයේ කුඩා දරුවෙකු ගේ බවට සැක කල හැකි මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් හට මෙම සිරුර හමුවි ඇති බවත්, ඒ ආසන්නයේ කලු පැහැති ටියුලිත් බෑගයක් ද තිබි හමුවු බවත් එම බෑගයේ දමා රැගෙනවිත් මෙම ස්ථානයේ මෙම මළ සිරුර දමා යන්නට ඇති බවත් පොලිසිය කියයි.

අනතුරුව මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු එය මහියංගණය මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්, මෙම සිරුර දිනක් පමණ වයසැති බිළිදෙකු ගේ බවට විශ්වාස කරන බවත් ඒ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිසිය පැවසීය.

පොලිසිය සදහන් කළේ, බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ මහියංගණය සහකාර පොලිස් අධිකාරි එස්.පි පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරාදුරුකොට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුදේශ් චතුරංග මහතා ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...