*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

AI සමඟ සුවසැරිය නව ගමනක!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): AI තාක්ෂණය සමඟ සුවසැරිය ගිලන් රථ සේවාව ඒකාබද්ධ කර ඇති බව සඳහන් වේ. මෙයට පෙර පැවතියේ ගිලන්රථයේ සිටින රෝගියා සහ වෛද්‍යවරයා දුරකතනය සමඟ සම්බන්ධ වීමේ ක්‍රමයයි. නමුත් නව ක්‍රමය යටතේ රෝගියා සහ වෛද්‍යවරයා ඉතා සමීප ලෙස සම්බන්ධ වන්නේ නවීන තාක්ෂණයෙන් යුතු ක්‍රමවේදයක් ඔස්සේය. ඒ හරහා රෝගියා වෛද්‍යවරයාට දර්ශනය වන අතර, රෝගියාගේ තොරතුරුද වහා ලබා ගත හැකිය. ඒ අනුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝගියාගේ තත්ත්වය මත අවශ්‍ය වන ආසන්නතම රෝහලට රෝගියා යොමු කිරීම පහසු වේ.

මෙය හඳුන්වාදීමේ අවස්ථාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ,

1990 සුවසැරිය අද සුවිශේෂී සංධිස්ථානයකට පැමිණියා. ඒ තමයි, ආසියානු කලාපයේ පළමු වරට ගිලන් රථ සේවාවක් Mixed reality සහ AI තාක්ෂණය භාවිත කර ගිලන්රථය තම වෛද්‍යවරයා සමඟ ඒකාබද්ධ කිරීම.

මීට කලින් මේ ඒකාබද්ධතාව සිදු වුණේ දුරකතනයෙන්. මේ නිසා සුවසැරියේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම තව තවත් ශක්තිමත් වෙනවා. මේ සඳහා සුවසැරිය සමඟ අත්වැල් බැඳගෙන සිටින Wavenet සමාගමටත්, තාක්ෂණික දායකත්වය දෙන මයික්‍රෝසොෆ්ට් සමාගමටත් මා ස්තූතිවන්ත වෙනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර සුවසැරිය සේවකයන්ටත් 10,000ක ජීවන වියදම් දීමනාව දෙන්නැයි මා කළ ඉල්ලීම ඉටු කරන බව ඇමැති රමේෂ් පතිරණ මේ අවස්ථාවේදී සඳහන් කළා.

1990 සුවසැරිය ක්‍රියාන්විතයට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහත්වරුන්ටත්, දිවා රෑ කැපවී රට වෙනුවෙන් උතුම් සේවාවක් සිදු කරන කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ප්‍රණාමය පුද කරනවා.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan