පශු සම්පත් සංවර්ධන මාසයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන වසරේ (2024) ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග අපේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සකසා ඇති පස් අවුරුදූ ප්‍රතිපත්තිය සම්බන්ධව අමාත්‍යවරයා ඊයේ (13) දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත,

මේ වනවිට අපේ රටේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණි. මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වේ.

කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී ඇත. එමෙන්ම සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

මේ නිසා 2024 ජනවාරි මාසය පුරාම සත්ව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා පශු සම්පත් සංවර්ධන මාසය ලෙස නම් කිරීමට තීරණය කර ඇත. දැනට අපේ රටේ කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇත. ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100-100 දක්වා සිටින ගොවිපොළ සහ මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස සතුන් 1000ට වැඩි ලෙස යනුවෙන් වර්ග කර තිබේ.

මේ යටතේ ගවයින් දෙන්නෙක් හෝ ඊට වැඩි සියලුම ගොවිපළවල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා අවශ්‍ය දැනුම් දීම් සිදු කරන අතර කිරිගව පාලනයේ නිරතවන සියලු දෙනාට දිවයින පුරා ඇති පශු වෛද්‍ය කාර්යාලවල දී තම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචිය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...