කොළඹ LNW:ජීවිත තර්ජනයට ලක්ව සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබා දී ඇති ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කළේය.
ඒ ශානි අබේසේකර මහතා ගොනුකළ රීට් පෙත්සමක් කැදවු අවස්ථාවේදියි.
තම සේවාදායකයාට මේ වන විට ලබාදී ඇත්තේ එක් පොලිස් නිලධාරියෙකු හා එක් යතුරු පැදියක් පමණක් බවයි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ.
ඒ අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදී.
ASK