මාස්ටර් කාඩ් රග්බි තරගාවලිය අරඹමින් හැව්ලොක්ස් පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 15,(LNW)කොළඹ :

මාස්ටර් කාඩ් ජාතික රග්බී සූරතාවලියේ හැව්ලොක්ස් කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය නාවික හමුදා පිළට එහෙිව වාර්තා කරන්නට සමත් වුණා.වැලිසර නාවික හමුදා පිටියේදීම නාවික හමුදාව ලකුණු 43 – 25 ට පරාජය කරමින් හැව්ලොක්ස් කණ්ඩායම ජය සහතික කර ගන්නට සමත් වුණා.


තරගයේ පළමු අර්ධයේදී ලකුණු 24 – 18 ක් ලෙස පෙරමුණේ සිටි හැව්ලොක් ක්‍රීඩකයින් දෙවන අර්ධයෙදී ලකුණු 19 – 7 ක් ලෙස නාවිකයන්ට ඉදරියෙන් සිටින්නට සමත් වුණා.


හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ජයතු රාජරත්න උත්සාහක දිණුම් දෙකක් ලබා ගන්නට සමත් වුණා.හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් හයක් වාර්තා වූ අතර ඉතිරි හතර කාවින්ද කේශාන්,යසස් ප්‍රනාන්දු,සැමුවෙල් මධුවන්ත සහ දිලික සිල්වා අතර එක බැඟින් බෙදී ගියා.


ඒ අතරින් සැමුවෙල් මධුවන්ත උත්සාහක දිණුමට අමතරව,කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් හයෙන් පහකම ප්‍රවර්ථන සාර්ථක කර දෙන්නට දායක වුණා.ඊට අමතරව නිදහස් පහරක් ද සාර්ථක කර ගනිමින් ඔහු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 18 ක් ලබා දීමට දායක වුණා.


නාවික හමුදාව උත්සාහක දිණුම් තුනක් ලබා ගන්නට සමත් වූ අතර ඉන් දෙකකම හිමිකරු වූයේ දෙනුවන් වික්‍රමාරච්චියි.ඉතරි උත්සාහක දිණුමේ හිමිකරු වන්නට දිමුත් පෙරේරා සමත් වුණා.ඉසුරු කෝන්ගහවත්ත උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් සහ නිදහස් පහරක් එල්ල කරමින් නාවික හමුදාවේ ලකුණු පූවරුව ඉහළ නංවන්නට දායක වුණා.එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථ කර දෙන්නට නාවික කණ්ඩායමේ තිළිණ වීරසිංහට ද හැකි වුණා.
මේ අතර පොලීසිය සහ යුද හමුදා තරගය වර්ෂාව මත අතර මැද නවතා දැමූ අතර ඒ වන විට යුද හමුදා කණ්ඩායම ලකුණු 8-5 ක් ලෙස ඉදිරියෙන් සිටියා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...