උපන් දිනයට මනුදිගෙන් රටටත්, මනුදිටත් තෑගි – සුබ උපන් දිනයක් මනුදි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 15 ,(LNW)කොළඹ :

සිය 17 වන උපන් දිනයට ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් අත් කර දෙන්නට මූලික අඩිතාලම දැමූ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර පන්දු 40 දී නොදැවී ලකුණු 74 ක් ලබා ගන්නට සමත් වුණා.ඇය සිය ඉණිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුළත් කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ත්‍යාගයක් මනුදි වෙනුවෙන් ලැබුණා සේම මනුදිව ද තරගයේ වීරවරිය ලෙස ඇගයීමට ලක් වුණා.


මනුදිගේ ඉණිම වටිනා එකක් වන්නේ ඇය නායිකාවක ලෙස කණ්ඩායමේ වගකීම උර මත තබාගෙන ක්‍රියා කළ නිසයි.ලකුණු 44 ට කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු ලබා ගැනීමේ වේගයද සාමාන්‍යයෙන් 4 ඉක්මවා තිබියදී පිටියට පැමිණි මනුදි ශ්‍රී ලංකා ඉණිම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 4 ට ලකුණු 153 ක් කරන්නට මූලිකත්වය ගත්තා.මනුදිට විශිෂ්ඨ සහයක් ලබා දෙමින් සකසුරුවම් ඉණිමක් දියත් කළා.ඔවුන් දෙදෙනාගේ පස්වන කඩුල්ල සඳහා වූ නොබිඳි සම්බන්ධය ලකුණු 109 ක් වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි මැලේසියාවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන්ගේ අභියෝගය හමුවේ සිදු වූයේ සියල්ල නොදැවී සිටීම ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම පමණයි.19 න් පහළ කණ්ඩායමේ සිටින ජාතික කණ්ඩායම නියෝජනය කරන ශෂිනි ගිම්හානි තරගය සඳහා ක්‍රීඩා නොකළ ද,ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නියන් ප්‍රතිවාදිනියන්ව මැනවින් මට්ටු කරන්නට යෙදුණා.
අද ක්‍රීඩා පිටියට පැමිණීමට අවශ්‍යය නොවුණ ප්‍රහාරාත්මක පිතිකාරිණිය රශ්මිකා සෙව්වන්දි තරගයේ පළමු ඕවරයට දායක වෙමින් ලකුණු 3 ට කඩුලු 1 ක් දවා ගත් අතර මැලේසියාවේ මුළු ලකුණු ප්‍රමාණය වූ කඩුලු 6 ට 59 න් ලකුණු 2 ට කඩුලු 2 ක් දවා ගන්නට හිරුනි හංසිකා සමත් වුණා.ඉතිරි කඩුලු 3 දඟ පන්දු යවන්නියන් වන අසේනි තලගුණේ,ප්‍රමුදි මෙත්සරා සහ චමුදි ප්‍රබෝධ්‍යා අතර එක බැඟන් බෙදී ගියා.මැලේසියානු ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණය නූර් අයන් බින්ටි රොස්ලෑන් වාර්තා කර අතර එය ලකුණු 12 ක් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...