Marc Andre Frenchගෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Marc Andre French මහතා පවසයි.

ඔවුන් මෙම මෙම අදහස් දක්වා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතයා ඇතුළු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙන ගිය හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියටද අඛණ්ඩව කටයුතු කරන බවද පවසා ඇත.

පසුගිය මැතිවරණයෙන් ලබාදුන් විශාල ජනවරමත් සමග මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...