සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් උත්සව වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට ; නවසීලන්තයේ සිට ඉරානය දක්වා රටවල් ඕස්ට්‍රේලියාවේ සමූහ වෙඩි තැබීම් හෙළා දකී.

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ පැවති යුදෙව් උත්සවයකදී සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවුරුදු 10ක් වයසැති ගැහැණු දරුවකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

සිඩ්නි හි යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුව ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනා පියා සහ පුතා බව පොලිසිය පවසයි. 50 හැවිරිදි පුද්ගලයා ද එම ස්ථානයේදීම මිය ගිය අතර 24 හැවිරිදි පුද්ගලයා තවමත් බරපතල තත්ත්වයේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම ප්‍රහාරය නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය,ඊශ්‍රායලය, පලස්තීනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, කටාර් රාජ්‍ය, සෞදි අරාබිය ආදී රටවල් රැසක් දැඩි ලෙස හෙලා දැක තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...