කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

Date:

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු විත්තිකරුවන් සිව් දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් පසුගිය (10) වැනිදා නිදහස් කරන ලදී.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත නඩුවේ පැමිණිල්ල වූ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණි. ඒ,ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රු.1,843,267,595.65 මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසියයි. එම කොන්දේසි සම්පූර්ණ නොකරන්නේ නම් යළි අධිචෝදනා ගොණුකරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසම පවසා තිබේ.

සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කර ඇත.

2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් උක්ත විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබුණි.

මෙම නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් අධිකරණය වෙත දන්වා තිබුණේ හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා විසින් දුෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තිය යටතේ සලකා බලා නඩුව ඉවත් කරගැනීමට අදාළ ඉල්ලීම කර තිබුණු බවයි.

ඒ අනුව දුෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තියේ 2, 3 යන වගන්ති ගැන සලකා බලා විත්තිකරුට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්නා අතර එය කොන්දෙසියටකට යටත්ව සිදුවන බව අධිකරණය වෙත දන්වා තිබේ.

නඩු තීන්දුවේ සඳහන් පරිදි අල්ලස් කොමිසමේ කොන්දේසියට අධිකරණය ඉඩ දී තිබෙන අතර ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රු.1,843,267,595.65 මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවීමට නියම වී තිබේ.

කෙසේවෙතත් මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ජනාධිපතිවරයා මෙම කොන්දෙසියට එකඟ නොවන බව අධිකරණ හමුවේ දක්වා ඇත.

වෘත්තිමය පරාසය තුළ ගත් තීන්දුවකට අනුව අදාළ බැඳුම්කර ආයෝජනය සිදුකර තිබුණු අතර එය හුදෙක් එවකට මහ බැංකු අධිපතිවරයා ලෙස සිය සේවාදායකයා පුද්ගලික අභිමතාර්ථය මත සිදු වූවක් නොවන බවට ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා තිබේ.

පැමිණිල්ල විසින් ගොණුකර තිබෙන හිතාමතා රජයට පාඩුවක් සිදුකිරීමේ අරමුණින් එම ගණුදෙනුව සිදුකළ බවට චෝදනාවද විත්තියේ නීතිඥවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද නඩු තීන්දුවේ දක්වා තිබේ.

ඒ අනුව එම තීරණය මුදල් මණ්ඩලය ලෙස සාමූහික ගත් තීන්දුවක් වන අතර හිටපු මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇත්තේ සිය රැකියාවේ සීමා මායිම් තුළ බවට ජනධිපති නීතිඥවරයා කරුණු දක්වයි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් පළමු විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන කොන්දේසිය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

කෙසේවෙතත් නඩු තීන්දුව ලබා දීමේදී බස්නාහිර පළාත් බද මහාධිකරණය විසින් එම කොන්දේසිය පිළිගෙන තිබේ. එම කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයා නඩුවෙන් නිදහස් කර ඇත.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලයක් තුළ එම කොන්දේසිය විත්තිකරු විසින් සපුරාලිය යුතු වුවත් විත්තිකරු වෙනුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන නිසාත් නඩු තීන්දුව ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් ඉදිරි මාස තුනක කාලයකින් පසු ක්‍රියා කරනු ඇත්තේ කෙසේද යන්න පිළිබඳ අමාජ අවධානයක් යොමුව තිබේ.

නඩු තීන්දුවේ ඇති පරිදි විත්තිකරු නිදොස් කොට නිදහස් කර නොමැති හෙයින් එම අලාභය පළමු විත්තිකරු විසින් නොගෙවන්නේ නම් යළි ඔහුට එරෙහිව අධි චෝදනා ගොණු කෙරෙනු ඇති අතර නැවත නඩු විභාගයක් සිදුවනු ඇත.

කෙසේවෙතත් එම බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දෙවන වරටත් මෙම නඩුව පැවරීය.

සම්පූර්ණ නඩු තීන්දුව පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...