දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටි මහනුවර නාවලපිටිය මාර්ගය යළි විවෘත කිරීම අද (15) උදෑසන සිදුවිය.

එම මාර්ගයේ උලපනේ ගඩෝල් බෝක්කුව අසල කොටස සම්පූර්ණයෙන් නාය යාමට ලක්වූ අතර මේ හේතුවෙන් දින 18ක කාලයක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.

මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුද හමුදාව එක්ව මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර එය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, ගඟඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන නියෝජිතයන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...