දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

Date:

ආශික බ්‍රාහ්මණ

කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයා තිබේ.

නාස්තිය අවම කිරීම මඟින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවා යෑමට හේතුවක් වූ බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වන නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (15) එම මූලස්ථානයේ පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බදු ආදායම රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා නොගැනීමේ අත්දැකීම් ඇති ජනතාවක් ඉන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවන බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

තවද එම ආදර්ශය ආණ්ඩුව බදු ගෙවන ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යාවරයා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ බදු ආදායම ඉහළ යෑම දුෂණය අවම වීමට හේතුවක් බවද කීවේය.

මීට පෙර එම ප්‍රතිශතය 10%ක මට්ටමට පත්වූ තිබූ බවත්, මේ වසර අවසන් වනවිට එය 16%ක මට්ටමට ළඟා කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරන ලදී.

ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව බඳවා ගැනීම් සේම ඊට කාන්තා ශ්‍රම දායකත්වය ද ඇතුළත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් කාන්තා ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයට ඉහළ අගයක් ගත්තද කාන්තාවගේ දායකත්වය ශ්‍රම බළකායෙන් 30%ක පහළ ප්‍රතිශතයක් පවතින බවද කියා සිටියේය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාද අදහස් දක්වන ලදී.

2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රු බි 2,195ක් වූ අතර, මේ වනවිට එම ඉලක්කය ඉක්මවා යෑමට ඔවුන් සමත්ව ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...