*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

රගර් ආයෙ උසාවියට

ලංකාවේ දේශපාලනයේ හැඩය දේශපාලන බලය ඇති තැනත්තාට අනුව හැසිරීමය.යම් වගකීමකට පත් වූ හෝ එය හිමි වූ පුද්ගලයෙක්ට සිය විෂය පථය යටතේ නිදහස්ව පැවරෙන විෂයට අවංකව වැඩක් කරන්න තිබෙන ඉඩ කෙතරම්ද යන්න කියා තීරණය කරන්නේ එම විෂයට සමගාමීව එය පාලනය කරන්නට සිටින දේශපාලකයාගේ සිතුවිලි ප්‍රමාණයටය.ඔහු තමන්ගේ බලය අසීමිත කොට සිතන උද්ධච්ඡ අයෙක්නම් එම විෂයේ ඉරණමම අබාධිතය.විෂයට සමගාමීව යන පිරිස්වලට කකුල් මාට්ටු දැමීම ද ඒ දේශපාලනයේ ස්වභාවය ය.
වත්මන් රගර් පරිපාලනය රගර් හී හැඩය රගර්වලට අනන්‍ය සේ වෙනස් කරන්නට උත්සාහ කළේ ඔවුන් පත් වූ පළමු අවස්ථාවේය.ඊට හේතු තිබිණ.මිලියන 56 ක ණයකට හිටපු පරිපාලන නායකත්වයන් ශ්‍රී ලංකා රගර් වෙත මඟ පෙන්නා තිබුණි.එසේම ඉතිහාසයේ ශ්‍රී ලංකාව රටක් හැටියට මුහුණ දී තිබෙන අපකීර්තිමත්ම සිඳුවීමට පරිපාලනයක් හැටියට දායකවීම නිසා වසරකට පවුම් 5000 ක් ගෙවිය යුතු දඩයකට ද ශ්‍රී ලංකා රගර් යටත් කර තිබිණි.වෙනත් රටක ජාතිකයන් ශ්‍රී ලංකාවට වංචනික ලෙස ක්‍රීඩා කරවීමනම් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව හොර නාමයකට නිල වශයෙන් ඈදපු ඒ පරිපාලනයන්ට මෙන්ම මිලියන පනස් ගණනක් ණය කරපු ඉතිහාසයට වගකිව යුතු අය නමුත් එක දෙයක් දැන සිටියේය.ඒ දේශපාලකයා ළඟ වැද වැටීම සහ ක්‍රීඩාවට ඕන ආකාරයට නොවී දේශපාලකයාට ඕන ආකාරයට පාලනය කිරීම දැන සිටියේය.
ඒ නිසා ඒ ආකාරයට වැඩ කරන පාලනයකින් රගර් වෙනුවෙන් තීරණ ගැනිමේ පාලනයකට මාරු වූ පසු තැලෙන ක්‍රීඩා සමාජ තමන්ගේ රගර් උවමනාවන් වෙනුවෙන් දේශපාලකයා වෙනුවට රගර් තෝරා ගැනීමේ ක්‍රියාවලිය හා අත්වැල් බැඳ ගත්තේය.ඒ නිසා රගර් පුටුවකට ඒමට තිබුණු ඉඩ සම්ප්‍රදාය වැසිණි.එසේම දේශපාලකයාට තමන්ට අවනත පිරිස් රගර් මුල් පුටුවේ තබා ගැනීමේ ඉඩ ද වැළකිණි.
නමුත් දේශපාලනය විසින් සමීප කරගෙන සිටින අය ශ්‍රී ලංකා රගර් හි දැවන්ත ණය මුදලට සහ ජාත්‍යන්තර අපකීර්ත්යට පත් කිරීමේ අවස්ථාවන්වලදී ඊට නායකත්වය දායකත්වය දුන් අයය.ඔවුන්ට මේ දක්වා කිසිඳු වාරණයක් නැත.ශ්‍රී ලංකා දේශපාලනයේ අනුහස් සහ ආශිර්වාදය මත සුරක්ෂිතව ඒ ඇතැමෙක් ආසියාවේ රගර් පරිපාලනයේ නිර්මාණය කළ ශක්තිමත් පුටුවලය.තවත් අයෙක් අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේය.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය අධිකරණය විසින් තාවකාලිකව අත් හිටුවා අලුත් නිලවරණයකට යන්නට ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර රගර් ව්‍යවස්ථාවේ එකඟතාවන්ට අනුව ඉඩ ලැබිණ.දැන් ඉන්නේ අධිකරණ අවසරය මත පිහිට වූ නව පරිපාලනයේ ය.එහෙත් ආසියානු පරිපාලනය සිටින්නේ එහි සභාපතිවරයා සමඟ ගැටුමකය.එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ දේශපාලනය වෙනුවට රගර් එක කොට සිතීම ගැන අර්බූදයක් බවට පෙරැළී ඇති වූ තත්ත්වය නැවතුණේ අතුරු තහනමක් ලෙසය.එය අධිකරණයෙන් තාවකාලිකව වළක්වා ගන්නට පමණක් නොව අලුත් නිලවරණයක් දක්වා යන්නට ද නීතියෙන් ඉඩ සැළසිණි.
නමුත් රටේ නීතිය අනුව වැඩ කරන්න දුන් ඉඩ ආසියාව තාවකාලික යන වචනයේ එල්ලි ප්‍රතික්ෂේප කරද්දි එය රටේ නීතිය නොසළකා හැරීමක් බව ආසියාවට කියන්නට එහි සිටින ලාංකිකයාගේ දිව නැමෙන්නේ නැත.දේශපාලන අධිකාරියට එය ගැඹුරෙන් ආසියාවට කියන්ට හැඟීමක් හෝ අදහසක් නැත.අධිකරණයේ තීරණය මත පැවති නිලවරණයෙන් ජයගත් පිරිසට කටයුතු කර ගෙන යන්නට අවසර ඇති බවට අමාත්‍යංශය අධිකරණයට දැණුම් දෙන්නේ හෝ ආසියාවට දැණුම් දෙන්නේද නැත.
නමුත් පරිපාලන කණ්ඩායමකට දී ඇති තීන්දුව ගැන සළකා බලද්දී වරක් වරද්දා ගෙන ඇති බැවින් කණ්ඩායම නොසළකා අවශ්‍යය කරන දඩයම වූ නායකත්වයටම විදීමඅන්තිම ඉලක්කය විය.ගැටළුව ඇත්තේ දේශපාලකයා සහ එක ගලෙන් කුරුල්ලො දුසිම් ගණන් වට්ටාගන්න හිතන ව්‍යාපාරිකයා වෙනුවට රගර් සඳහා වැඩි පලදාවක් තියෙන අනුග්‍රහකයන්ද සොයා ගනිමින් දේශපාලකයාට වාරු නොවි නැගිටින රිස්ලිඉල්ලියාස් දඩයම් කිරිමය.ඔහුගේ මඟ පෙන්වීම මත රගර් යන ගමන නිසා අසාර්ථක වූ ණය වූ රට අපකීර්තියට පත් කෙරු පාලකයන්ට රගර් සමාජය ඇතුළෙන් ඉඩක් නැත.නමුත් රජයේ දේශපාලනය භාරගන්නේ ඔවුන් ය.තනතුරු වගකීම් දේශිය මට්ටමෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමෙන් ද දරන්නට ආශිර්වාද කරන දේශපාලන සංයුතියක් ඇතුළේ දේශපාලකයාට නැමෙන්නෙ නැතුව රගර් නඟන්න හිතන එකා දිරවන්නේ නැත.අවශ්‍යය රගර් හැදීමට වඩා තමන්ට නැමීමය.ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමය.ඒ දේශපාලනය ඇතුළේ මහා චර්ත ජීවත් කරවන පවුල් සම්ප්‍රදාය යට අත් දිගු කරගෙන සිටිනු විනා රොෂාන් රණසිංහටත් තනිව නැඟෙන්නට ඇති අවශ්‍යයතාවය හිතේ තදින් තිබුණත් වැඩ කරන්නට පහසු නැත.ඒ නිසා ඔහුට ද කළ හැක්කේ බොරුකාරයන්ගේ සහ වැරදි කරපු රගර් කාරයන්ගේ රැල්ලට ඉල්ලියාස්ව යටවන්නට හැර සතුටු වෙන්නටය.ඔහුට ක්‍රීඩාවේ පැවත්ම ගැන සිතීමට වඩා දේශාපාලන වශයෙන් එල්ලවන ප්‍රහාර ගැන කල්පනා කිරීම වටින්නේය.
දැන් නැවත රිස්ලි ඉල්ලියාස් තහනම නිවැරදිද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයේ නැවතී ඇත.ඒ නිසා අප සිඳුවීම අධිකරණයට ආ තැනට එනතුරු පැමිණ නීතිමය තීන්දුවට ඉඩ දී නිහඩ විය යුතුය.ඒත් රොෂාන් රණසිංහට අනුන්ගේ මැක්කන්ට නගින්න තමන්ගේ සිරුර දෙනවාට වඩා දෙයක් කරන්නට හැතියාව ඇත.සියල්ලම රුපියල් ශත මතම සිතන්නට අනවැසි පසුබිමක් ඇති දේශපාලනඥයෙක් හැටියට තමන් හිටපු තැන එසේ සෘජුව තමන්ගේ ක්‍රීඩාවේ ප්‍රතිපත්ති දේශපාලන රැලි මත්තේ නොසොල්වා සෘජුව තබාගෙන සිටින මිනිසෙක් ආරක්ෂා කරා යැයි කවදා හෝ දිනෙක අසන්නට ලැබෙනවානම් එය ඔහුගේ කීර්තියට යහපත්ය.නමුත් රැලි මැඩ පිහිනන අය හිඟය.ඕනෑම අසූචි කන්දක් සේදී එද්දි ඒ රැල්ලේම පහසුවෙන් රැල්ල වාරු කරගෙන පිහිනන්න ආස දෙශපාලනඥයෝ බහුලය.
අපි අධිකරණයට ගරු කරමු.ඒ දෙස බලා සිටිමු.දැනට අධිකරණය අමාත්‍යවරයාගේ තහනමට එරෙහි කරුණු දැක්වීම් විමසා බලන්නට තීරණය කිරීම වැදගත් ප්‍රවේශයක් සේ අප සළකන්නෙමු.
ඌරන් ලැගපු තැන සුපිරිසිදුව සුව පහසුව නැති බව අපි දනිමු.නමුත් හබන් කුකුළන් රජ මඟුල් විඳින්නට බලා සිටිති.ඒ නිසා පළමුව ක්‍රීඩා පරිපාලනය පිරිසිදු කරන්න.එවිට පිටත මඩ රැඳුණු පා ලකුණු ඇතුළට නො’එනු ඇත.මජර කුකුළන්ගේ මඟුලඳ නිම වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan