*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ ප්‍රතිඵලයක්ද?

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ යම් ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි බවත් මේ පසුබිමේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් සිටින බව කිසිවෙකුට වසන් කළ නොහැකි කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2022.12.15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා,

“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීම හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන දේ පිළිබඳව මහත් අන්දෝලොත්මක තත්වයක් රටේ ඇතිවී තිබෙනවා. මේ විශ්විද්‍යල පද්ධතිය නියෝජනය කරන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ දුවාදරුවන්. අද සිදුවන මේ සිදුවීම් දෙස බලනවිට අරගලයේ යම් යම් ප්‍රතිඵලද කියා අපට සිතෙනවා. අයිස් මත්ද්‍රව්‍ය අද මේ රටේ තරුණ පරපුරට දැවැන්ත බලපෑමක් එල්ල වන තැනට පත්ව තිබෙනවා. මේ පහරදීම සිදුවන්නේ කෙසේද කියා අපි දන්නේ නෑ. ඒ පිළිබඳව පරික්ෂණ සිදු කෙරෙනවා.

කෙසේ නමුත් විශ්වවිද්‍යාලවල බොහෝ සිසුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන තත්ත්වයට පත්ව තිබෙනවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළත් මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.අරගලයෙන් පසු මේ රටේ තරුණ පිරිස් වගේම යම් යම් භික්ෂූන් වහන්සේලා කිසිදු බියක් සැකක් නැතුව හැසිරෙන තත්වයට පත්වෙලා. භික්ෂූන් වහනසේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහානායක හිමිවරුන්ට පරිබව කරන තැනට පත්වෙලා. මේ නිසා දෙමාපියන් දුවාදරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ කරන ක්‍රියාකාරකම් පිළිබඳව පසු විපරමක් කළයුතුයි.ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළ ජනතා සහන ඇත්තේම නැහැ කියලා කතා කරනවා.

ආණ්ඩුවට මේ කාලසීමාව තුළ සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨම පුද්ගලයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්කර රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අපි කරගෙන යන්නේ. මේ අයවැය තුළින් යම් සාධනීය පියවරක් ඉදිරියට තබා තිබෙනවා. ජනතාව චූන් කරන අයවැයක් නොවුනත් මේ පවතින ආර්ථික අර්බුදයට යම් විසදුමක් ලබාදිය හැකි වැඩපිළිවෙලක් මේ අයවැය තුළ දකින්නට තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියට පත්ව ඇති බවට විපක්ෂයේ මතයක් ප්‍රකාශ කරනවා. අපේ පක්ෂයවත්, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මැතිවරණයක් නොපවත්වන බවක් ප්‍රකාශ කර නැහැ. අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ ඕනෑම වෙලාවක මැතිවරණයක් තියන්න. ඊට අපේ පක්ෂය සූදානම් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පිහිටුවා ප්‍රථමයෙන් මුහුණ දුන් මැතිවරණය වන පළාත් පාලන මැතිවරණය හරහා මේ රටේ ජනමතය ගොඩනගාගෙන ඉන් විශිෂ්ට ජයක් ලැබු බව මතක් කරනවා. ඕනෑම වෙලාවක පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ජනතා කැමැත්ත උරගා බලන්නේ මැතිවරණයෙන්. අපි පසුගිය කාලයේ පැවති මැතිවරණ සියල්ලගෙන්ම විශිෂ්ට ජයක් ලැබුවා. ඒ වගේ ඉදිරි මැතිවරණයකදීත් අවශ්‍ය පසුබිම සකස් කර පක්ෂයක් විදිහට සූදානම් වී අපි ජයග්‍රහණය ලබනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවු හිටපු උපකුලපතිට පහරදීම පිළිබඳව ඒ ඒ පාර්ශ්‍රවයන් කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂණවලින් ඔප්පු වේවි. එතෙක් කවුද වැරදි නිවැරදි කියන්න අපිට බෑ. මීට පෙරත් එවැනි සිදුවීම් සිදුවෙලා තිබෙනවා. නමුත් මේවා දෙස බලන කල අපට පෙනි යන්නේ විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රචණ්ඩත්වයයි. පෙරටුගාමීන්, ජනතා විමුක්ති පෙරමුණ මේ පසුබිමේ සිටින බව වසන් කළ නොහැකියි. දේශපාලනය කළාට කමක් නෑ. නමුත් මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීම නොවිය යුතුයි. මේ රටේ කිසිදු පුරවැසියෙකුට පහරදීම කිසිවෙකුට අයිතියක් නෑ.”

යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan