*
Sunday, April 27, 2025
spot_img

Latest Posts

මානව ප්‍රේමයේ ධජය ඉහළට ඔසවන්න දායකත්වය දෙන කෙන්යානු ඔලිමිපික් තරුව – එලියුඩ් කිප්චෝජ්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝකයේ මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් නොබිඳි ප්‍රකාශයක් හැටියට ක්‍රීඩා පිටිය ගත හැකියි.බෙදීම් ඇසුරේ ජනවර්ග නොසළකා හරින භූමීන් මෙන්ම භූමීන්වල අයිතීන් තහවුරු කර ගන්න ප්‍රචණ්ඩත්වය මුදා හරින ජාතීන් සහ දේශයන් නොසළකා හරින,නමුත් ඒ රටවල් හී ක්‍රීඩා හැකියාවන් ඇති මානව සම්පත සුරක්ෂිත කිරීමට ජාත්‍යන්තර වැඩ සැළසුමක් ඇති තැනක් හැටියට ක්‍රීඩාව හැදීන්විය හැකියි.විශේෂයෙන්ම ඔලිමිපික් ක්‍රීඩාවන්ට අයත් ක්‍රීඩාවන්ට අදාළ ජාත්‍යන්තර සංගම් සම්මේලන මෙන්ම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවද මේ මනුෂ්‍යයත්වයට දෙන තැන අති විශාලයි.

කුමන රටක් ඊට මනුෂ්‍යත්වයට එරෙහිව ජතියක්,ආගමක් වෙනුවෙන් අන්‍ය ජාතීන් සහ ආගම් කෙරෙහි පීඩාව සහ ප්‍රචණ්ඩත්වයන් මුදා හැරීමේදී පමණක් නොව,මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් හෝ ක්‍රීඩාවට ස්වාධීනව පවතින්නට නොහැකි අන්දමේ දේශපාලනික වශයෙන් කරන බලපෑමකදී වුව ඒ රට කුමක්ද,එහි නායකයන් කවුරුන්ද යන්න ජාත්‍යන්තර සම්මේලන අදාළ කර ගන්නේ නැත.ලංකාවේ පාපන්දු පරිපාලනයට මෙන්ම රගර් පරිපාලනයට ද මෑතකදී එසේ සිඳු වූ අතර මේ වන විට ක්‍රිකට් පවතින්නේ ද ජාත්‍යන්තර වශයෙන් පනවා ඇති තහනමකට යටත්වය.එසේම මේ තත්ත්වය යටතේ ඔලිමිපික් ක්‍රීඩාවක් ලෙස රටේ දේශපාලනික බලපෑම් මත ක්‍රීඩාවට පැන වූ වාරණය ක්‍රීඩාව කෙරෙහි සහ එහි නියැලි මානව සම්පත් කෙරෙහි පීඩාව දනවන දෙයක් නොකරන්නට අවස්ථා දෙකකදී ම ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට පොදු ධජයක් යටතේ ජාත්‍යන්තරයේ පෙනී සිටීමට අවස්ථාවක්ද හිමි විය.

මේ කතා කරන්නෙ එවන් විසල් හදවතකින් ක්‍රීඩාව තුළ හදපු ධජය යටතේ වැඩ කරන්න ඉදිරිපත් වූ අති විශිෂ්ට මැරතන් ක්‍රීඩකයෙක් ගැනයි.ඔහු නමින් එලියුඩ් කිප්චෝජ්.කෙන්යාව නියෝජනය කරමින් මැරතන් පිටියේ හපන්කම් පෑ මේ වන විටත් 39 හැවිරිදි වියේ ඉන්න එලියුඩ් කිප්චෝජ් අවසන් වරට පැවති ඔලිම්පික් මැරතන් තරග දෙකේම රන් පදක්කම්ලාභියා.2016 දී රියෝ ඔලිමිපික් ක්‍රීඩා උළෙලේ දී වගේම 2020 ටෝකියෝ ඔලිමිපික් ක්‍රීඩා උළෙලේ දී ත් රන් පදක්කම් පැළදගත් එලියුඩ් කිප්චෝජ් මේ මොහොතේ ඔහුගේ රත්තරන් හදවත ලෝකයට දිනන මඟ පෙන්නන්න පරිත්‍යාග කරන්න ඉදිරිපත් වී සිටිනවා.

පේරු රාජ්‍යයේ ලීමා හී දී අගෝස්තු 26 සිට 31 දක්වා පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී එලියුඩ් කිප්චෝජ් වැඩ කරන්නේ ලෝක සරණාගත මලල ක්‍රීඩා කණ්ඩායමට.කෙන්යානු ධජය යටතේ තරග බිමට පිවිසි මේ සුවිශේෂී මැරතන් සූරයා තමන් උපන් රටේ ධජය යටතේ තමන්ගේ දස්කම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැති අය වෙනුවෙන් ලෝකය සකස් කර ඇති මනුෂ්‍යත්වයේ ධජය යටතේ තරග කරන පිරිසට ඔහු සිය හැකියාවන් සහ අත්දැකීම් සමඟ විනයවත් ක්‍රීඩාවක් සඳහා මාවත සකස් කර ගන්නා ආකාරය ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.සරණාගත තත්ත්වයේ ස්වභාවයක් වන අඩු පහසුකම් සහිත ප්‍රජාවක් අතරින් නැගිටින පරපුරකට එසේ නැගටීමට අවශ්‍යය අධ්‍යාපනය සම්බන්ධයෙන් දිරි දීමට සහ ඔවුන් ඒ වෙනුවෙන් පොත-පත පරිශීලනය සඳහා යොමු කිරීම ද ක්‍රීඩාවේ දැනුම සහ විනය සම්බන්ධයෙන් කරන උපදේශනය වගේම එලියුඩ් කිප්චෝජ් වෙත පැවරී ඇති වගකීමක්.

සරණාගතයින් යනු යුද්ධයෙන්, ප්‍රචණ්ඩත්වයෙන්, ගැටුම්වලින් හෝ පීඩාවෙන් පලා ගොස් වෙනත් රටක ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර දේශසීමාවක් තරණය කළ පුද්ගලයන් ය. ගෙවල් දොරවල්, වස්‌තු, රැකියා, හිතවත් අය හැර දමා පිටේ තිබෙන ඇඳුම්වලට වඩා මඳක්‌ වැඩි යමක්‌ රැගෙන පලා යාමට ඔවුන්ට බොහෝ විට සිදු වී ඇත.”

මේ සරණාගතයන් සම්බන්ධ සෑහෙන දුරට ඇත්ත තත්ත්වයය.මේ ඇත්තට තවත් එකතු විය හැකි කාරණාවන් මිටත් වඩා තිත්ත ඒවා ය.එවැනි මිනිස් කණ්ඩායම්වල අනාගතය වෙනුවෙන් ලෝකයේ ක්‍රීඩාව සකස් කරන බිමක් හැටියට සරණාගතයන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය සහිතන ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් ඒ වෙත තෙතැති හදින් ආකර්ශණය වීම හැඳින්විය හැකිය.ඒ වෙනුවෙන් එලියුඩ් කිප්චෝජ් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ගේ දායකත්වය ඔවුන් අති ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් කරන සුළු එකකි.

Athlete Refugee Team හෙවත් සරණාගත මලල ක්‍රීඩා කණ්ඩායමට සෙසු ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන් සලකනු ලබන අතර, ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවලට ඇති බලපෑම බෙදා ගැනීමට තානාපතිවරුන් සේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමෙන් අපි ඔවුන්ගේ පැමිණීම සහ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට කටයුතු කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමු වී ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් (UNHCR), ඔලිම්පික් සරණාගත පදනම (ORF), කෙන්යාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCK) සහ අප්‍රිකානු උසස් අධ්‍යාපනය සම්බන්ධ හදිසි අවස්ථා ජාලය (AHEEN) ඇතුළු නියෝජිත කණ්ඩායමක් ලෝක මලල ක්‍රීඩාව සමඟ මේ සඳහා සහභාගී වි සිටියි.

එලියුඩ් කිප්චෝජ් ගේ සහය ලැබෙන නැගෙනහිර අප්‍රිකාවේ දකුණු සුඩාන දේශසීමාවේ සිට කිලෝමීටර 100 ක් පමණ දුරින් පිහිටි Kakuma සරණාගත කඳවුරේ සහ කෙන්යාවේ Kapsabet හි පිහිටි සරණාගත කඳවුරු සඳහා මලල ක්‍රිඩා කටයුතුවලට ප්‍රීදාන පුහුණුකරු ලෙස දායකත්වය දක්වන්නේ කෙන්යාවේ 2007 ලෝක මීටර් 800 ශූර ජැනෙත් ජෙප්කොස්ගෙයි ය.සරණාගතයෙකුම වන බුරුන්ඪි දේශයේ ආර්කේඩ් අරකාසි ද පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මෙම වැඩ සටහනට නායකත්වය දෙන්නට ස්ව්ට්ස්ර්ලන්ත ජාතික අධ්‍යාපනඥ බාබරා මොසර් – මෙසර් ඉදිරිපත් වි සිටියි.

ලෝකය එකක්.ඒ අකර තිබෙන එක සළකුණක් පමණක් වන රටක් ලෝකය නොපිළිගන්නා සම්මුතීන්වලින් බැහැරට යන්නෙනම් ඒ රට ලෝකයෙන් කොන් වෙයි.එක අදහසක් ඇතුව මනුස්ස ප්‍රේමය ගැන හිතන ලෝකයක සරණාගතයින් ලෙස බැහර කරපු මිනිස්සුන්ට ප්‍රේමය දෙන ඔවුන් ලෝකයේ සමාන කොටසක් හැටියට පිළිගන්න ක්‍රීඩා පිටියේ දී එලියුඩ් කිප්චෝජ් ඔසවන්න දායකත්වය දෙන ධජය ඔහු කෙන්යානු ධජයෙන් කෙන්යාවට දුන් ආඩම්බරයට වඩා ලෝකයම පිලිගන්න පුරවැසියෙක්ගේ ආඩම්බරය ඔහුගේ හදවතට සමීප කරාවි.ඔහු කෙන්යාව පමණක් නොව ලෝකයම විසල් මිනිසෙක් ලෙස වැළදගන්න ආදරවන්තයෙක් කරාවි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan