අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මහපොළ තුළින් හැකිවුණා  – ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයට ඊයේ (14) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බවයි.

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මෙම ජාඇල නගර සභා පිටියේදී ලබන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විත වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...