10වන පාර්ලිමේන්තුවේ හිස් වූ කථානායක ධුරය කාටද?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

පාර්ලිමේන්තුව හෙට (17 ) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී අද සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ඇත.

මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බව සඳහන් වේ

හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබූ නමුත් ,නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව වාර්තා වේ.

කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතින අතර, කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති අතර වත්මන් නියෝජ්‍ය කථානායකවරයාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...