ජැෆ්නා ටයිටන්ස් අපරාජිතව ඉදිරියට – නුවරඑළිය පැරදුණත් චාමිකගෙන් තුන් ඉරියව් දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 16 ,(LNW)කොළඹ :

පළමු එල්පීඑල් සුපිරි පන්දුවාර 10 තරගාවලියේ දී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සිය සිව්වැනි ජය ද අත් කර ගන්නට සමත් වුණා.වර්ෂාව නිසා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතව තිබුණු තරග බොහෝමයක් පැවත්වීමට නොහැකි වුව ද,ජැෆ්නා කණ්ඩායමට ප්‍රතිපලයක් නොලැබුණු තරග එකක් පමණක් හමු වූ අතර,ඉතිරි තරග හතරම ජැැෆ්නා කණ්ඩායමට ජය හිමිවෙමින් නිමාවට පත් වුණා.


ඊයේ පැවති තරගවලදී ජැෆ්නා ප්‍රතිවාදියා බවට පත් වුණේ නුවරඑළිය කින්ග්ස් කණ්ඩායමයි.කාසියේ වැසිය ලැබූ නුවරඑළිය කළ ආරාධනයකට පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමට එරෙහිව සිය පළමු පන්දු ඕවරයේදීම කඩුලු දෙකක් දවා ගත් චාමික කරුණාරත්න,ජැෆ්නා කණ්ඩායම ලබා ගත් ලකුණු 154 හඹා යාමේදී හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 26 ක් තුළ,හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමඟ නොදැවි ලකුණු 58 ක් රැස් කර ගන්නට සමත් වුණා.නුවරඑළිය කණ්ඩායම පන්දු ඕවර් 10 අවසානයේ දී කඩුලු 8 ට ලබා ගත් ලකුණු සියයෙන් ලකුණු 58 ක් ම චාමිකගේ වීම කැපී පෙණුනා.


ඇතැම් ක්‍රීඩකයන්ගේ විරෝධය මත ජාතික කණ්ඩායමෙන් පිටතට තල්ලු වුණ චාමික,ඉන් අනතුරුව ජාතික ලීග් තරගවලද අඩුවෙන් අවස්ථාව ලැබූ ක්‍රීඩකයෙක් වුණා.එහෙත් මේ තරගාවලියේ දී,තරග පැවත්වීමට විශාල ලෙස බාධා පැමිණුන කණ්ඩායම වන නුවරඑළිය වෙනුවෙන් ලද සුළු අවස්ථාවන් හී තමන්ගේ දස්කම් නොනැසී පවතින බව පෙන්වීම අගය කළ යුතුයි.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමේදී කැපී පෙණුනේ ටොම් ඇබෙල් ලකුණු 59 ක් ලබා ගන්නට සමත් වුණා.පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුශාන් ලකුණු 8 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

හම්බන්තොට බංගලා ටයිගර්ස් සහ කැන්ඩි බෝල්ට්
ඊයෙ තරග කාල සටහනේ පළමු තරගය වූ හම්බන්තොට සහ කැන්ඩි කණ්ඩායම් අතර පැවති තරගයෙන් හම්බන්තොට කණ්ඩායම ලකුණු 47 න් ජය ගැනීමට සමත් වුණා.මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට කණ්ඩායමට ලකුණු 163 ක දැවන්ත ලකුණු පූවරුවක් කරා යන්නට මඟ පෙන්වූ මොහොමඩ් ෂෂාඩ් පන්දු 18 දී ලකුණු 52 ක් රැස් කළේ හතරේ පහර 7 ක් හයේ පහර 3 ක් සමඟයි.නායක දසුන් ශානක පන්දු 15 න් ලබා ගත් ලකුණු 39 ත් එම ලකුණු පූවරුවට බෙහෙවින් බලපෑවා.


නැව්ඩි කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිමේදී කැණ්ඩි කණ්ඩායමට ලැබුණු 164 ක දැවන්ත ඉලක්කය කරා යාමට හම්බන්තොට පන්දු යවන්නන් බාධා ඇති කළා.ඉණිමේ වැඩි ලකුණු ගණන වූ ලකුණු 25 මොහොමඩ් ෂමාස් වාර්තා කළ අතර විශාල ලකුණු ඉලක්කයකට පිවිසීමට දරන ලද උත්සාහයේදී ඔවුන්ට කඩුලු 9 ක් අහිමි වුණා.එම කඩුලු නවයෙන් හතරක්ම තරිඳු රත්නායක තමන් සතු කර ගත්තේ පන්දු ඕවර් 2 සඳහා ලකුණු 10 ක පමණක් ලබා දීමෙන් විම කැපී පෙණුනා.

ගාල්ල මාවර්ලස් සහ කළම්ඹු ජගුවර්ස්
මෙම තරගය නිමා වුණේ ගාල්ල කණ්ඩායමට කඩුලු 7 ක් ජයක් හිමි වෙමින්.මේ වන විටත් එහි භාරකරුට එල්ල වී ඇති චෝදනා නිසා කළු පැල්ලමක් තරගාවලියටම එකතු වී තිබියදී ගාල්ල කණ්ඩායම ඉදිරියේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කළම්ඹු ජගුවර්ස් කණ්ඩායම ලකුණු 82 ට සීමා වුණා.කඩුලු 9 ක් දැවී ලකුණු 82 ට සීමාවීමට බල පෑ ඵ්‍රධාන සාධකය වුණේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ෂහූර් ඛාන් විසින් කළ පන්දු යැවීමයි.ඔහු ලකුණු 15 කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.


පිළිතුරු ඉණිම එතරම් අපහසු නොවූයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් හෝල් සහ නිරෝෂන් දික්වැල්ල තැබූ ලකුණු 48 ක සබඳතාවය නිසයි.පන්දු ඕවර් 4.1 දී තැබූ එම ලකුණු සබඳතාවය නිසා පන්දු ඕවර් 7.1 දී කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් කරා යන්නට ගාල්ල කණ්ඩායමට හැකි වුණා.එහිදී අලෙක්ස් හෝල් ලකුණු 38 න් ද,දික්වැල්ල ලකුණු 20 න් ද ගාල්ල ඉණිමට සිය දායකත්වය ලබා දී තිබුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...