Zakir Hussain දිවිගමන නිම කරයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අසහාය චරිතයක් වන ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී Zakir Hussain හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ. Zakir Hussain ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ නොමැකෙන චරිතයක්.මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවී ඇත. ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන ඇත්තේ, සිඩ්නි හා මෙල්බර්න් හි අතිශය සාර්ථක ප්‍රසංගයකින් මාස කිහිපයකට පසුවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ අය පැවසුවේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි. 1951 වසරේදී මුම්බායි හි උපත ලද සකීර් ප්‍රකට තබ්ලා වාදකයෙකු වන අල්ලා රකාගේ වැඩිමහල් පුත්‍රයායි. ඔහුට යන්තම් දින දෙකක් වයසැති වියේදී පටන් තබ්ලා වාදනයට අත්පොත් තැබුවේ පවුල් පරිසරයත් සමගයි.

සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ ජෝර්ජ් හැරිසන්ගේ ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ් ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය හාඩ් වර්ක් සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමග වන අතර, හුසේන්ගේ වෘත්තීය ජීවිතය දශක 5ක් පුරා විහිදුනු අතර ඔහු ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වී තිබෙන බව සඳහන් වේ.

ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ඔහු, භාරතයේ නාමය ලෝකයට ගෙන ගිය දැවැන්තයෙක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...