වත්මන් ආණ්ඩුව ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

වෙරිටේ රිසර්ච් ආයතනය විසින්, ණය ලබා ගැනීම සම්බන්ධයෙන් එම ආයතනය කළ සමීක්ෂණයකට අනුව, වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මෙම මාසය අවසානය දක්වා ගැනීමට හැකි සමස්ත ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව සොයා ගෙන ඇත.

වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කළද, වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ ගත හැකි ණය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රතිශතයක් ණය ලබාගෙන ඇති බවයි. 2024 ඇස්තමේන්තුවට අනුව දළ මූල්‍ය අවශ්‍යතාව සඳහා ආණ්ඩුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3670ක් බව පෙන්වා දේ.

මුදල් අමාත්‍යාංශ දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පසුගිය ආණ්ඩුව රුපියල් බිලියන 1903ක් ලබාගෙන ඇති බව වෙරිටේ රිසර්ච් පෙන්වා දී ඇත, ඒ අනුව වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1766ක මුදලක් ණයට ගැනීමේ හැකියාව පවතින බවද පැවසේ.

මෙම කාලසීමාව සඳහා ණය ඇස්තමේන්තු යළි සලකා බැලීමේදී ගතයුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1612ක් බවට හෙළිවී තිබෙන බවද සඳහන් වේ.

වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ, ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය තුළ සමස්ත දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371කින් පමණක් බවත්,  දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...