බංගලාදේශ සන්රයිස් බැඩිමින්ටන් සටනට ශ්‍රී ලංකාවෙන් 12 ක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 16 ,(LNW)කොළඹ :

බංගලාදේශ බැඩ්මින්ටන් සම්මේලනයේ අධික්ෂණය සහ මෙහෙයවීම මත ඩකා නුවර දී දෙසැම්බර් 17 වන දා සිට 21 වන දා දක්වා පැවත්වීමට නියමිත YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතය.පිරිමි කේවල අංශයේදී විරේන් නෙත්තසිංහ,තිළිණ රාජකරුණා සහ දුමිදු අබේවික්‍රම සහභාගි වන අතර කාන්තා අංශයේ කේවල තරගවලදී මෙවර ශ්‍රී ලංකා ජාතික සූරතාවලියේ යුගල සූරතාවය දිනා ගත් වරංගනා ජයවර්ධන සහ රශ්මි මුදලිගේ සහභාගි වීමට නියමිතව ඇත.ඊට අමතරව කේවල අංශයෙන් පංචලී අධිකාරි ද තරග බිමට එක් වෙයි.


පිරිමි යුගල අංශයේදී දිනුර රශ්මික සහ සියත් සේනාරත්න තරග බිමට එකතු වෙන අතර පිරිමි යුගල අංශයේ තරගාවලියේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින යුගලය වන්නේ ඔෂාමික කරුණාරත්න සහ තුසිත් පල්ලියගුරුයි.කාන්තා යුගල අංශයේදී වරංගනා සහ රශ්මි තරග වඳින අතර,තව ද මේ වන විට විශාල අවධානයක් දිනා සිටින ඉසුරි අත්තනායක සහ සිතුම් දි සිල්වා ද එක්ව සිටින අතර ඔවුන් දෙදෙනා මේ තරගාවලියේ අංක දෙකට ශ්‍රේණිගතව සිටීම ද විශේෂත්වයකි.


මිශ්‍ර යුගල තරග සටහනේ ද ශ්‍රී ලංකා යුගලයක් දකින්නට හැකි අතර ඔවුන් දෙදෙනා පංචාලි අධිකාරි සහ තුසිත් පල්ලියගුරුයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...