පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

අද (16) සිට , වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති බස්රථ මගින් පැසැල් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනකරත්න මහතා පවසයි.

පැවති ආපදා තත්ත්වයෙන් පසු , අදින් ආරම්භ වන පාසැල් වාරය සඳහා ගමනාගමන මණ්ඩලයේ සූදානම පිළිබඳව ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් සහාපතිවරයා මේ බව පැවසීය.

මේ වනවිට ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 99% පමණ හැකි උපරිමයෙන් යථාවත් කර ඇති බවත් ඊයේ (15) වනවිට බස් රථ 4479 ක් ධාවනය සඳහා යොදවා ඇති බවත් දහවල් 12 වනවිට මිලියනක මඟින් ප්‍රමාණයක් ඔවුන්ගේ ගමනාන්තය කරා රැගෙන ගොස් ඇතැයි කියා සිටියේය..

තවද, , නුවර – ගම්පොළ හරහා කොළඹ බස් රථ සේවාව , නුවර – වැලිමඩ බස් රථ සේවාව යළි ආරම්භ ඇති බවත් රඹුක්කන – කෑගල්ල බස් රථ සේවාව තර කර ඇතැයිද සභාපතිවරයා පැවසූ අතර, දුම්රිය සමඟ ඇති ඒකාබද්ධ කාලසටහන් අනුව බස් රථ සේවාව ආරම්භ කර ඇති බවත් මහනුවර සිට රඹුක්කන දක්වා පෙ.ව 4.15 සහ පෙ.ව 4.45 බස්රථ 2ක් පැමිණෙන බවත් එය රඹුක්කනින් පෙ.ව 5.57 සහ පෙ.ව 6.20 පිටත්වන දුම්රියට මගීන් ගෙන එන බවත් සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...