උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ! (PHOTOS)

Date:

උතුරේ සහ දකුණේ ඝාතනයට ලක් වු හා මිය ගිය මාධ්‍යවේදීන් අනුස්මරණය කිරිම සදහා ඔවුන් සිහිකිරමින් සැමරුම් සිහිවටනාගාරයක් IBC නාලිකාවේ අධිපති කන්දයියා බාස්කරන්ගේ අනුග‍්‍රහයෙන් ඔහුට අයත් කිලිනොච්චිය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි රීචා පාර්ක් ඇන්ඩ් රිසොර්ට් හි (Ree Chaa Park) අයත් පරිශ්‍රයේදී (14) විවෘත කෙරුණි.

එමෙන්ම දකුණේ ද මරා දැමූ සහ අතුරුදන් මාධ්‍යවේදීන් වන පුවත්පත් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග, පුවත්පත් කර්තෘ ප‍්‍රගීත් එක්නැළිගොඩ, මාධ්‍යවේදී රිචඩ්ද සොයිසාගේ හා මිය ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන වන පුවත්පත් කර්තෘ වික්ටර් අයිවන් වැනි අයගේ පිළිරූද එම සිහිවටනාගාරය තුල ද‍්‍රවිඩ මාධයවේදීන්ට සමගාමීව ඉදිකර තිබීම විශේෂිතය.

මෙම සැමරුම් උත්සවය සදහා උතුරු නැගෙනහිර මාධ්‍යවේදින් මෙන්ම කොළඹ සිට දකුණේ මාධ්‍යවේදින් නියෝජනය කරමින් කණ්ඩායමක් සම්බන්ධ විය. මෙහිදී දෙමළ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුද අදහස් දැක්විය. ඒ අතර මාධ්‍යවේදින් සිදු කරන මෙහෙය අගය කරමින් මෙම ස්මාරකය විවෘත කිරිමේ අවස්ථාවට සම්බන්ධ වු සියළුම මාධ්‍යවෙිදින්ට එහිදි සමරු සිහිවටනයක්ද පිරිනමන ලදි.

එහිදී සෝපනා ධර්මරාජාල පුන්නියමූර්ති සත්‍යමූර්ති, රිචර්ඩ් ඩී සොයිසා, ධර්මරත්නම් සිවරාම්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, මයිල්වාගනම් නිමලරාජන්, වෛද්‍ය නමසිවායම් සතියමූර්ති, කලාසූරි ඊ සිවක්‍රාණාථන්, ජයත්තුරෙයි නදෙස්සන්, වික්ටර් අයිවන්, සී සිවඥාන සුන්දරම්, ආනන්ති සූරිය ප්‍රකාෂම්, එස් ඩී සිවනායගම්, සුබ්‍රමණියම් සුගිර්තරාජන්, එස්. එම්. ගෝපාල රත්නම් යන මාධ්‍යවේදීන් සිහිපත් කරමින් සැමරුම පැවැත්විණි. ඔවුන් වෙනුවෙන් උඩුකය සහිත ජීවමාන සේ සැකසු පිළිරූ එම සැමරුම් මැදුරේ තැන්පත් කර තිබුණි.

එහිදි උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් සියල්ලන්වම එකම ස්ථානයක මෙසේ සැමරුම් ඉදිකිරීම ඉතා අගය කරන බව අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිය කතාවේදී සදහන් කරන ලදි. තවද උතුර, දකූණ, නැගෙනහිර, බටහිර යනුවෙන් නොබෙදී රටේ සියලුම මාධ්‍යවේදීන් එකට එක්ව මිය මරාදැමූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමේ යාන්ත‍්‍රණයක් වෙනුවෙන් රජයට බල කළ යුතු බවත් මොන යම් හෝ රජයක් මාධ්‍ය මර්ධනයක් සිදු කරන්නේ නම් එකට එක් වී එකාවන්ව එයට අප මුහුණ දිය යුතු බවත් ප‍්‍රකාශ කරමින් ‘‘ජනමාධ්‍ය සාමුහිකය’’ මාධය සංවිධානයේ සභාපති හා ‘‘ජනමාධ්‍ය සමාජය’’ ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැදවුම්කරු මාධ්‍යවේදි තිළිණ අලහකෝන් මහතාද මෙහිදී අදහස් දැක්වීය. තවද දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් ආරියනෙත්තීරන් ඇතුළු ද‍්‍රවිඩ මාධයවේදීන් පිරසක්ද මෙහිදි අදහස් දක්වන ලදී.

සේයාරූ හා සටහන : දර්ශාන් කානිල් ප‍්‍රනාන්දු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...