ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා අවම කරගැනීමට මැදිහත් නොවීම පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂයට බලය හිමි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යෝජනා කරයි.

විපක්ෂයට අවශ්‍ය වන්නේ මෙහි ඇත්ත සඟවා ගැනීමට නොවන බව ඔහු පවසයි.

”අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති වුණ විනාශය අවම කරගන්න තිබුණ හැකියාව මේ අය නැති කරගත්තා. මේ අය නිසි සූදානමක් තිබ්බේ නෑ. ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර ආයතන මේ අපේ රටේ දේශගුණික ආයතන ආණ්ඩුවට මෙච්චර අනතුරු ඇඟවීම් කළත් ඒ පිළිබඳව නිසි ආකාරයේ ක්‍රියාත්මක නොවීම තමයි දහස් ගණනක් ජීවිත නැතිවෙන්න, කෝටි ප්‍රකෝටි ගාණක් දේපළ නැතිවෙන්න ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ. අපි යෝජනා කරනවා ඉතා පැහැදිලිවම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විපක්ෂයට බලය ලැබෙන ආකාරයේ සභාපති ධූරය, බහුතර සාමාජිකයින් ගණන සහිත. මෙතැනදී ඇත්තට ඇත්ත සඟවන්න නෙවෙයි අපට වුවමනාව තියෙන්නේ. මේ වැරැද්ද කොහොමද වුණේ මොකද වුණේ මේ වැරැද්ද මේ රටේ යළි ඇති නොවෙන ආකාරයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සිදුවීම පිළිබඳව පත්කරන්න කියල අපි යෝජනා කරනවා.’’ යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (15) සමඟි ජන බලවේගයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...