අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

ඉකුත් දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් අවසන් වීමෙන් දින 18 කට පසුව පළමු දුම්රිය අද (16) උදෑසන ධාවනයට එක් කර ඇත.

ඒ අනුව, ප්‍රීමා පිටි පටවා ගත් මෙම දුම්රිය චීනවරායේ සිට සීදූව දක්වා ගමන් ආරම්භ කල අතර මෙම දුම්රිය යලි දෛනිකව ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඉකුත් 28 වෙනිදා ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබූ පසු දුම්රිය මාර්ග පිළිසකර කිරීමෙන් අනතුරුව ධාවනයට එක්වන පළමු දුම්රිය මෙය වන බව සඳහන් වේ.

මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා මඩකලපුව දක්වා මාර්ගයේ හානියට පත් ගල්ලෑල්ල හා මනම්පිටිය අතර පිරිසකර කිරීම් 90% අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනආරච්චි මහතා පවසයි.

අධිකාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ, මේ වන විට විනාශයට පත් දුම්රිය මාර්ගයේ ගල්ලැල්ල සිට මනම්පිටිය කොටස ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කර ඇති අතර ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා සේවා දුම්රිය ප්‍රථමවරට අද (16) ධාවනය කරමින් ඉදිරියට ගමන් කර ඛාදනයට ලක් වූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...