කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW :

පා. මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවූවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.

ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බව, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.

අදාළ විමර්ශන සම්බන්ධයෙන්ද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්.” 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...