බරපතළ කැපුම් තුවාල ලද ඩිලාන් සේනානායකට සැත්කමක් (VIDEO)

Date:

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්වූ, ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතා ඊයේ (15) දිනයේදී සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වේ.

පෙරේදා රාත්‍රියේදී නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ පෞද්ගලික ශබ්දාගාරයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට මෙසේ තියුණු ආයුධයකින් පහරදී තිබුණු අතර එයින් ඔහුගේ පාදයකට සහ උරහිසට තුවාල සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ වනතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.

ඩිලාන් සේනානායක මහතා පසුගිය ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...