බොහෝවිට රෝගීන්ට බෙහෙත් තුණ්ඩුව දීලා ෆාමසියෙන් ගන්න කියන්න වෙලා – GMOA

බොහෝ අවස්ථාවල රෝහල්වලදී රෝගීන්ට බෙහෙත් තුණ්ඩු ලබාදී ඒවා පෞද්ගලික ඖෂධ වෙළඳසැල් වෙතින් මිලදී ගන්නටැයි කීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“රෝහල්වල මේ වෙනකොට තියෙන සේවකයින්ගේ අඩුපාඩු වගේම වෛද්‍ය උපකරණ සහ ඖෂධවල තියෙන අඩුපාඩුත් අනුව මේ සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවක් තියෙනවා. රෝහල්වල බොහෝවෙලාවට දෙන බෙහෙත් තුණ්ඩු, අපට සිද්ධවෙලා තියෙනවා ෆාමසිවලට නිකුත් කිරීමට. සමහර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවක් අපට පෙනෙන්නට තියෙනවා. ඒ වගේම විකිරණවේදය සම්බන්ධ වෛද්‍යවරුන් සහ නිලධාරීන්ගේ අඩුව හින්දා අපට ඒ සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් උදාවෙලා තියෙනවා”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...